IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


පළමු මහ යුද්ධයෙන් මියගිය අය අයිස් වෙති

පළමු ලෝක යුද්ධයෙන් මියගිය අය සිහිකිරීම සදහා අයිස් වලින් සෑදූ ප්‍රතිමා දහස් ගණනක් ප්‍රදර්ශන කිරීමට  මිනිසුන් සිය ගණනක් එක්වී සිටිති. අයිස් ප්‍රතිමා 5000 ක් පමණ එංගලන්තයේ බ්‍රිමින්ග්හැම් චැම්බ්ලේන් චතුරශ්‍රයේදී ප්‍රදර්ශනයට තබා ඒවායේ අයිස් දියවීමට සලස්වා තිබේ.

බ්‍රසීලයේ ප්‍රකට මූර්ති ශිල්පිනියක්වු නිලී ඇසිවේඩෝ සහ තවත් ස්වේච්චා සේවකයෝ 20 ක් පසුගිය සති දෙකක කාලයක් මේ පිළිරූ නිර්මාණය  කළහ. නිර්මාණය කළ ප්‍රතිමා විශාල ශීත ගබඩාවල තබා පසුව මහජන ප්‍රදර්ශනයට ගනු ලැබිණි.

නිලී ඇසිවේඩෝ පවසන්නේ යුද්ධයේ දී මියගිය සාමාන්‍ය මිනිසුන් සැමරීම තම අරමුණ බවයි. යුද්ධයේ දී මියගිය සොල්දාදුවන් පමණක් අනුස්මරණය කිරීම මෙහි අරමුණ නොවන බව ද ඇය පවසයි.

ප්‍රදර්ශන සංවිධායක බරිමින්ගම් හිපඩර් පවසා ඇත්තේ මෙම ප්‍රදර්ශනය චමත්කාර ජනක අවස්ථාවක් බවයි. පිළිම දියවෙමින් එහි හැඩය  ක්ෂණිකව වෙනස් විම ඒවායේ කලාත්මක බව වැඩි කිරීමට හේතුවක් වී ඇති බව ප්‍රදර්ශකයන්ගේ අදහසයි.

ප්‍රතිමා නිර්මාණය කරණු ලැබුවේ අයිස් වතුර  ප්ලාස්ටික් වලින් සෑදු අච්චු වල බහා පසුව හැඩවලට කපා සකස් කර ගැනිමෙනි.

War dead 1 war dead 2 war dead 4 war dead 6 war dead 7 (1) war dead 7



අදහස් (0)

පළමු මහ යුද්ධයෙන් මියගිය අය අයිස් වෙති

වංචාවල පැතුම් Monday, 04 August 2014 10:59 AM

අපි නම් හරි නුවනක්කාරයි. (ස)

:       0       0

ෂර්මිලා රහීම් Sunday, 03 August 2014 03:40 PM

මෝඩ මිනිස්සු (නදී)

:       0       0

සමන් Monday, 04 August 2014 11:24 AM

හරි කලාත්මකයි (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 581 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 285 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1088 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site