IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


පළමු දිනයේදීම ඉන්දියාවේ එක්ලක්ෂ අනූ එක් දහසට එන්නත

 

ඉන්දියාව සිය කොවිඩ්-19’ එන්නත්කරණ වැඩසටහන අද (17) ආරම්භ කළ අතර පළමු දිනයේදී එක්ලක්ෂ අනූ එක් දහසකට එන්නත ලබාදීමට එරට සෞඛ්‍ය අමාත්‍යාංශ සමත් විය.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන් ‘කොවිඩ්-19’ එන්නත්කරණ වැඩසටහන ආරම්භ කෙරුණි. ඉන්දීය අග්‍රාමාත්‍යවරයා එම වැඩසටහනට සම්බන්ධ වූයේ විඩියෝ තාක්ෂණය ඔස්සේය.

එන්නත් වැඩසටහන මෙතරම් ඉක්මනින් ආරම්භ කිරීමට හැකිවීම සම්බන්ධයෙන් ඉන්දීය අග්‍රමාත්‍යවරයා එරට විද්‍යාඥයන්ට සහ සෞඛ්‍ය අංශවලට කෘතඥතාව පළ කළ අතර එන්නත් ලබාගත්ත ද මුඛ ආවරණ පැලඳීම සහ සමාජ දුරස්ථභාවය පවත්වාගැනීම ආදී සෞඛ්‍යාරක්ෂිත පිළිවෙත් අඛණ්ඩව අනුගමනය කරන්නැයි ද එරට පුරවැසියන්ගෙන් ඉල්ලීය.

ඉන්දියාවේ පළමු ‘කොවිඩ්-19’ එන්නත ලබාගත්තේ සනීපාරක්ෂක සේවකයකු වන මනීෂ් කුමාර් ය. දිල්ලියේ පිහිටි ‘‘ඕල් ඉන්දියා ඉන්ස්ටිටියුට් ඔෆ් මෙඩිකල් සයන්සස් (ඒ.අයි.අයි.එම්.එස්) හිදි ඔහු එන්නත ලබාගත්තේ ය.

ඉන්දියාව එන්නත්කරණ වැඩසටහන සඳහා මධ්‍යස්ථාන 3006ක් ස්ථාපිත කර ඇති අතර එක් මධ්‍යස්ථානයකින් පුද්ගලයන් 100 දෙනකුට එන්නත ලබාදීමට බලාපොරොත්තු වේ. පළමු දිනයේදී ලක්ෂ තුනකට එන්නත ලබාදීමට සැලසුම් කර තිබුණ ද දිනය අවසානයේදී එන්නත ලබාදීමට හැකිවූයේ එක්ලක්ෂ අනූ එක් දහසකට පමණි.

එන්නත්කරණ වැඩසටහනේ පළමු දිනය සාර්ථක බවත් කිසිවකු රෝහල් ගත නොකළ බවත් ඉන්දීය සෞඛ්‍ය බලධාරීහු කීහ.

‘‘ගොඩක් අය බයෙන් හිටියේ. මම මුලින් එන්නත විදගන්නං මම මගේ ජ්‍යෙෂ්ඨයන් ළඟට ගිහින් කිව්වා. බය වෙන්න දෙයක් නැති බව මට මගේ මිතුරු සේවකයන්ට පෙන්වන්න ඕනෑ වුණා. එන්නත ලබාගන්න එපා යැයි මගේ බිරිඳත් මට කිව්වා. එය එන්නතක් විතරක් බව මම ඇයට කිව්වා. එන්නත ලබාගැනීමෙන් අනතුරැව මම මගේ අම්මට කතා කරලා මට කරදරයක් නැති බව බිරිඳට කියන්න කියලා කිව්වා’’ යැයි මුලින්ම එන්නත ලබාගත් මනීෂ් කුමාර් පැවැසීය.

ඉන්දියාව මේ වනවිට නව උද්‍යෝග පාඨයක් ද හඳුන්වා දී තිබේ. ‘‘එන්නත ලබාගන්න, විනයගරැකව හැසිරෙන්න (ඉයස් ටු වැක්සින්, ඉයස් ටු ඩිසිප්ලින්)’’ යනුවෙන් එය හඳුන්වා දී තිබේ.

ඉන්දියාවේ එන්නත්කරණ වැඩසටහන ලොව විශාලම එන්නත්කරණ වැඩසටහන්වලින් එකක් යැයි පැවසේ. පළමු අදියර යටතේ ඉන්දියාව සෞඛ්‍ය සේවකයන් ඇතුළු ඉදිරිපෙළ සිටින සෞඛ්‍ය සේවකයන් කෝටි තුනකට එන්නත ලබාදීමට බලාපොරොත්තු වේ.

ඉන්දියාව මේ වනවිට එන්නත් දෙකකට අනුමැතිය ලබා දී තිබේ. බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සහ ඇස්ට්‍රසෙනකා සමාගම නිෂ්පාදනය කළ ‘කොවිඩ්-19’ එන්නත ඉන්දියාව සේරම් ආයතනය මගින් එය නිෂ්පාදනය කෙරේ. එම ‘කොවිඩ්-19’ එන්නත ‘කොවිෂීල්ඩ්’ යනුවෙන් නම් කර තිබේ.

‘කොවැක්සීන්’ යනුවෙන් නම් කර තිබෙන අනෙක් එන්නත ඉන්දියාවේ ස්වදේශීය නිෂ්පාදනය කි. එරට භාරත් බයෝටෙක් සමාගම එය නිෂ්පාදනය කරයි.

එන්.ඩී.ටීවී./රොයිටර් සහ ඒ.එෆ්.පී. ඇසුරිනි

(055

 



අදහස් (0)

පළමු දිනයේදීම ඉන්දියාවේ එක්ලක්ෂ අනූ එක් දහසට එන්නත

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 708 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2375 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1743 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site