IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


පුසා එස් එම් වෙයි

‘‘ස්ටේෂන් මාස්ටර්‘‘ ධූරයක් හොබවන බළලෙකු ගැන වාර්තා වන්නේ ජපානයෙනි.

ජපානයේ කිනොකාවා නගරයේ දුම්රියපළ වෙත යන්නෙකු හට මෙම බළලා හමුවිය හැකිය.‘‘ටාමා‘‘ යන සුරතල් නමින් හැදින්වෙන මේ බළලා දුම්රිය ස්ථානාධිපතිවරයෙකු බැව් හැගවෙන ලකුණු දරන තොප්පියක්ද හිස පැළදගෙන කාර්යාලයේ මේසය මතට වී ‘‘රාජකාරියේ‘‘ නිරතව සිටිී.ප‍්‍රදේශවාසීන් පවසන අන්දමට 2007 වසරේ සිටම දුම්රියපලේ රාජකාරි කටයුතු භාරව කටයුතු කරන්නේ ටාමාය.

ටාමා මේ ධූරයට පත්වීම පසුපස ඇත්තේද අපූරු කතාවකි.දැනට මෙම දුම්රිය ස්ථානය තිබෙන තැන පෙර තිබී ඇත්තේ අයාලේ ගිය බළලූන්ට නවාතැන් සැපයුණු ස්ථානයකි.දුම්රිය මාර්ගය ඉදිකිරීමේදී එම නවාතැන කඩා බිද දැමෙනු ඇතැයි දැනගත් එය භාරව කටයුතු කළ වයස්ගත කාන්තාව දුම්රිය සමාගමේ ප‍්‍රධානියා වෙත ගොස් තම දුක්ගැනවිල්ල කියා දුම්රිය පළ ඉදිකෙරුණු පසු එහි නවාතැන් ගැනීමට බළලූන්ට ඉඩ දෙන ලෙසට ඉල්ලා තිබේ.ඇයගේ ඉල්ලීම පිළිගත් ප‍්‍රධානියා දුම්රියපළ බළලූන්ට විවෘත කළා පමණක් නොව ඔහුගේ සිත් ගත් තමන්ට වාසනාව ගෙන එනු ඇතැයි විශ්වාස කළ එක් බළලෙකු දුම්රිය ස්ථානාධිපති ධූරයට නිල වශයෙන්ම පත්කිරීමට කටයුතු කර ඇත.එම බළලා  ටාමාය.

ටාමා නිසා ජපානයේ අතිශය දුෂ්කර ප‍්‍රදේශයක් වන කිනොකාවා වෙත වසන්තය උදා වී ඇත.මේ කකුල් හතරේ ලොම් පිරුණු ස්ටේෂන් මාස්ටර් නැරඹිීමට සංචාරකයින් පැමිණෙන්නේ දහස් ගණනිනි.කිනොකාවා වැසියන්ගේ ජීවිකාව වී ඇත්තේ එසේ පැමිණෙන සංචාරකයින්ට සේවා සපයා දීමයි.තමන් ලද වාසනාවක් යැයි සළකන ටාමා ඔවුන් රැුකබලාගන්නේ ඔවුන්ගේ පණට සමවන ලෙසින්ය.

ටාමා නිසා කිනොකාවා ප‍්‍රදේශයේ වටිනාකම ඉහළ ගොස් ඇත්තේ කිසිවෙකුත් නොසිතූ පරිද්දෙනි.කිනොකාවා වෙත එතරම්ම සංචාරක ආකර්ෂණයක් දිනා දීමට ටාමා සමත්ව ඇත.

ෙජපානයේ දුෂ්කර ප‍්‍රදේශවල පිහිටන බොහෝ දුම්රිය ස්ථාන වල මෙන් කිනොකාවා දුම්රිය ස්ථානයේ සේවකයින් නොමැත.සියලූ රාජකාරි කටයුතු භාරව කටයුතු කරන්නේත් ටාමාය.ඒවා අතරට ඇතුලත් වන්නේ කාර්යාලයේ වීදුරුවෙන් දුම්රිය මාර්ගය දෙස බලා සිටීම,තමන්ට සංචාරකයින් ගෙන එන නානා විද ආහාර රස බැලීම, වැනි දේය.තමන්ට පැවරී ඇති වගකීම දැනගෙන සිටින නිසාදෝ රාජකාරියේ යෙදී සිටින විට ටාමා මදක් උඩගු බවක් පෙන්වයි.නමුත් සංචාරකයින් හා සුරතල් වීමේදී ටාමාගේ ඒ උඩගු බව කොහේගියා දැයි සොයා ගැනීමටවත් නොහැකිය.

 



අදහස් (0)

පුසා එස් එම් වෙයි

සංජය Friday, 04 April 2014 08:40 PM

ලංකාවේ නම් ලෙඩ්ඩුන්ට වත් වෙලා නැහැ මැච් බලන නිසා.(නදී)

:       0       0

කෝසල Sunday, 06 April 2014 07:32 AM

එහෙම බලනකොට ඉතින් මෙහෙනේ හොඳ හොඳ සත්තු ඉන්නේ. ඔය පූසා මහ ලොකු එකෙක්ද අපේ සත්තුත් එක්ක බලද්දී? (නි)

:       0       0

මහේෂ් කොඩිතුවක්කු Saturday, 05 April 2014 04:46 PM

අපේ රටේනම් සතෙක්ට කෑම ටිකක් වත් දෙන්නේ කියෙන් කී දෙනාද ? සතුන්ට ආදරය දක්වන එක ලොකු පිනක්(දී)

:       0       0

පිටබැද්දර ජයා Saturday, 05 April 2014 06:35 AM

එන්ජින් රියදුරන් නැතුව කෝච්චි දුවන අපේ රටට මේවා ඒ තරම් ලොකු දේවල් නෙමෙයි අනේ! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 569 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 282 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1084 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site