IMG-LOGO

2025 මැයි මස 13 වන අඟහරුවාදා


පිස්සුවක තරම

බටහිර ගායක ජස්ටින් බීබර් ලෙස පෙනුම වෙනස් කර ගන්නට ඩොලර් ලක්ෂයකට (රුපියල් ලක්ෂ 132කට) ආසන්න මුදලක් වැය කර ඇති පුද්ගලයෙක් ඇමෙරිකාවේ සිටී.

ටෝබි ෂෙල්ඩන් (33) ප්ලාස්ටික් සැත්කම් වල පිහිටෙන්  ‘තිරිහන්‘ වී සිටියි.

ඒ මදිවාට ඔහු හා ගායක ජස්ටින් බීබර් අතර පෙනුමින් කිසිදු වෙනසක් නැති සැටියෙකි.

ටෝබි පවසන ආකාරයට ඔහු ජස්ටින් බීබර්ගේ රසිකයෙකුද නොවේ.ජස්ටින් බීබර් ගයන ගීයක්වත් ඔහු හරිහැටි අසා නොමැත.නමුත් තමන් ජස්ටින් බීබර්ගේ පෙනුමට  ‘වහ වැටී‘ සිටින බව ඔහු පිළිගනී.

ටෝබි මුලින්ම කර ඇත්තේ තම හිසකෙස් වෙනස් කර ගැනීමයි.ඒ සදහා ඔහු ඩොලර් 21000 ක් පමණ වැය කර ඇත.දෙවනුව ශරීරයේ හැඩයය.ඒ සදහා වැය කර ඇති මුදල ඩොලර් 4500 කට ආසන්නය.තෙවනුව මුහුණය.තවත් ඩොලර් 5000 (රුපියල් 660000) කි.තම පෙනුම ජස්ටින් බීබර් හා සමාන කරන්නට ටෝබි ගෙන ඇති උත්සාහය ඇත්තෙන්ම පුදුම සහගතය.

මෑතකදී ඔහු තම ‘සිනාවද‘ ගෙන ජස්ටින් බීබර්ගේ සිනාවටම සමාන කර ගෙන ඇති අතර ඒ සදහා ඩොලර් 30000 කට ආසන්න මුදලක් වැය වූ බව ඔහු කියන්නේ ඇගට පතට නොදැනීය.

දැනටමත් ඩොලර් ලක්ෂයකට වඩා තම පෙනුම වෙනස් කර ගැනීම වෙනුවෙන් වැය කර ඇති ඔහු නවතින පාටකුදු නැත.තම සිරුරේ තව තවත් හැඩ ගැන්වීමට අවශ්‍ය යැයි ඔහු කියයි.

මෙම උන්මාදයේ අවසානය කොතැනද දන්නේ ටෝබි ෂෙල්ඩන්ම පමණි.



අදහස් (0)

පිස්සුවක තරම

නිළර්කුවෛත් Wednesday, 23 October 2013 09:56 PM

පිස්සා ඇමෙරිකාව ගෙවල් නැතුව පාරේ ජීවත් වනවාද ඇමරිකා රජය අහිංසක මිනිස්සු මරන්න මිලියන ගණන් මිසිලය්ට වියදන් කරනවා මේ දුප්පත් මිනිසුන් දුන්න කොයිතරමි හොදද (දිල්)

:       0       0

කුමාරි Wednesday, 23 October 2013 02:30 PM

අවසානය මයිකල් ජැක්සන්ට සමාන වේවි.අනේ මේ සල්ලි වලින් නැති බැරි කෙනෙනුට උදවු කලානම් තමන්ටත් වැඩක් කරගත් ගමන් රටටත් යහපතක් කල කෙනෙක්. (ස)

:       0       0

දුමින්ද Wednesday, 23 October 2013 03:01 PM

පෙනුමේ සුලු සුලු වෙනස්කම් කිරීම සාධාරණයි.එහෙත් මෙසේ කිරීම එම පුද්ගලයාගේ පෞර්ෂ ඌණතාවය පෙන්නුම් කිරීමක්. (ස)

:       0       0

චමත් Wednesday, 23 October 2013 06:57 PM

මම හිතුවෙ ඇමරිකාවේ මේ වගේ අය නැතුව ඇති කියලයි (නි)

:       0       0

චන්දි Wednesday, 23 October 2013 12:54 PM

මම නම් කියන්නේ මුළු සිරුරම විකෘති කරගෙන තමයි මෙයා නවතින්නේ. සල්ලි වැඩි වුණත් ඒකත් පිස්සුවක් මං හිතන්නේ (නි)

:       0       0

කුමුදු Wednesday, 23 October 2013 12:55 PM

මුහුණේ ලස්සන හදවතේ ඇත්නම්? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

සයුරෙන් එතෙර

ඇමෙරිකාව චීනය තීරුබදු අඩු කරන්න එකඟ වෙයි
2025 මැයි මස 12 1094 0

ඇමෙරිකාව මෙන්ම චීනය ද එකිනෙකාට පැනවූ තීරුබදු සියයට 115 කින් අඩු කිරීමට එකඟ වූ බව නිවේදනය කළේ ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට්ය.


ඇමෙරිකන් චීන සාකච්ඡා සාර්ථකයි
2025 මැයි මස 12 98 0

චීනයේ වෙළඳ නියෝජිත හී ලිෆෙන්ග් සහ ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් අතරේ හමුවක්, ස්විට්සර්ලන්තයේ දී පැවැත්වුණු අතර, එම සාකච්ඡා ඵලදායී වූ බව ඇමෙ


තවත් යුද්ධයක් එපා: ලියෝ පාප්තුමෝ කියති
2025 මැයි මස 12 93 0

ලියෝ පාප්තුමන්ගේ පළමු ඉරිදා දේව මෙහෙය වතිකානයේ දී පැවැත්විණි. ‘තවත් යුද්ධයක් එපා’ යැයි නව පාප්තුමන් එම දේව මෙහෙය අතතුරේ ලෝකවාසීන්ගෙන් ඉල්ලීමක් කළේය.


පුටින් හමුවෙන්න සූදානම්: යුක්රේන ජනාධිපති කියයි
2025 මැයි මස 12 1373 0

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් මුහුණට මුහුණ හමුවීමට තමන් සූදානම් බවත්, රුසියන් යුක්රේන අර්බුදය සම්බන්ධයෙන් පුටින් සමඟ සාකච්ඡා පවත්වා පැහැදිලි


සටන් විරාමය කඩලා
2025 මැයි මස 11 1739 1

සටන් විරාමයක් සදහා කැමැත්ත පළ කළත්, ඉන්දියාව එය උල්ලංගනය කළේ යැයි පාකිස්තානය චෝදනා කරයි.


කෘත්‍රිම බුද්ධිය තර්ජනයක්
2025 මැයි මස 11 2805 1

14 වැනි ලියෝ පාප්තුමන් සහ කාදිනල්වරුන් අතර පළමු හමුද වතිකානයේ දී පැවැත්විණි.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1203 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1500 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 385 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site