IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


පෝසතුනට අගහිඟකමේ හැටි පෙන්නයි

දුප්පත්කම ‘අත් විඳින්නට‘ කැමති පොහොසතුන් වෙනුවෙන් ඉදිකැරුණු හෝටල කාමර සමූහයක් දකුණු අප්‍රිකාවේ ඇත.

මෙම හෝටල කාමර දකුණු අප්‍රිකාවේ පැල්පත් වාසීන්ගේ නිවාස හා සමානව නිර්මාණයකර ඇති අතර එම නිවාසවල පරිදි එකම කාමරයක කුස්සියක්, නිදන කාමරයක්, ආහාර ගැනීම සඳහා පහසුකම් ආදිය සපයා ඇත.

හෝටල කාමරයකට එළිය දෙන්නේ තනි විදුලි බුබුලකි. වැසිකිළි පහසුකම් සපයා ඇත්තේ කාමරයෙන් පිටතය. මෙම කාමර සියල්ල පැල්පත් ජනාවාසයක නිවාස එක ළඟ පිහිටුවා ඇත. සියලු දෙනාට එක්රැස්වී කතාබහේ යෙදීමට උද්‍යානයක් ද සකස් කර ඇති අතර එහි ඇත්තේ පරණ ටයර් වලින් සෑදු ආසනය. තැන තැන කැළිකසළද විසුරුවා හැර තිබේ.  කාමරයක් සඳහා රැයකට ඩොලර් 98 කි. එය අඩු ආදායම් ලාභී අප්‍රිකා ජාතිකයකුගේ මාසික වේතනය හා සමානය. මෙම සංකල්පයට දැඩි විරෝධයක් එල්ල වෙමින් පවතී. දූගී බවත් වෙළදාම් කිරීමට යන්නේ යැයි  හෝටල පාලනාධිකාරියට චෝදනා නැගී ඇත.



අදහස් (0)

පෝසතුනට අගහිඟකමේ හැටි පෙන්නයි

විරාජ් කාලිංග Thursday, 21 November 2013 09:02 AM

ලැබෙන අදායමෙන් කොටසක් අර සැබෑ දුප්පතුන්ටත් බෙදා දෙනවා නම් අගෙයි.ලලිත්ගේ අදහසටත් මාත් එකඟයි. පොහොසතුන් කියන්නේ කුණුකමින් ඉන්න ජාතියක් නම් තමයි. (ස)

:       0       0

කුමාරි Wednesday, 20 November 2013 05:18 PM

ඇත්තටම දුගී බව විකුනාගෙන කෑමක් තමයි. ඔන්න ඒ සල්ලි දුගියන්ට බෙදා දෙනවා නම් හොදයි. අනික ඔය පෝසතුන්ට ඔය ගෙවන එක දවස දෙක හරිම සුන්දර වේවි. (නි)

:       0       0

නිමල් Thursday, 21 November 2013 10:40 AM

මේක හොද වැඩක්.. මොකද හිත උණුවෙන මිනුස්සු දුප්පත් අයට උදව් කරාවි. (නදී)

:       0       0

අමාන් Thursday, 21 November 2013 10:58 AM

මෙවැනි දෙයක් කිරීම අගය කරමු.(නදී)

:       0       0

උපාලි Friday, 22 November 2013 05:52 AM

මට මතක් වෙනවා ගුරුවරියක වන මගේ සොහොයුරිය කියූ දෙයක්, ඇගේ පන්තියේ එක කුඩා ළමයෙක් ලියු රචනාවක් ගැන. මාතෘකාව "දුප්පත් කම". "අපේ බංගලාවේ සියලු දෙනාම දුප්පත්ය. ඩැඩී දුප්පත් නිසා කන්තෝරුවෙන් කාර් එකක් එවලා කන්තෝරුවට එක්ක යනවාය. මමී දුප්පත් නිසා මාකට් යන්නේ පොඩි කාර් එකකින්ය. මට ටියුෂන් දෙන්න බංගලාවට එන සර්වත් දුප්පත් නිසා එයාව ගෙන්න ගන්නත් ඩැඩී ගේ කාර එක යවන්න ඕනය...." . මේ දුප්පත්කම පුහුණු කිරීමේ හෝටලයටත් එනවා ඇත්තේ එහෙම දුප්පත්තු වෙන්න ඇති. (නදී)

:       0       0

නිරූපා Thursday, 21 November 2013 11:28 AM

මේවට අගය මරන්න බැහැ. දුප්පත් කමේ රසය බලන්න පාරට බස්සාහම පුළුවන්. බලන්නකෝ දුප්පත් අයගේ ටිව් එක. බොරුවට තමන් රවටා ගන්න ක්‍රමයක්. එහෙම නැත්නම් කාගෙන් හරි හැංගිලා ඉන්න හදන ක්‍රමයක් වෙන්න ඇති. (ස)

:       0       0

අසෝකා Thursday, 21 November 2013 03:04 AM

මම නම් හිතන්නේ දැන් සල්ලි හම්බකරන්න හොදම විදිය..! ලංකාවෙත් එහෙමනේ. පොල් අතු කඩේ,ගමේ කඩේ, වාඩිය, කෙසෙල් කොලේ... වගේ එකී නොකී විදියට තියෙන්නෙත් මේවාම තමයි. (නි)

:       0       0

ලාල් - නුවර Thursday, 21 November 2013 11:54 AM

ගෙවල් වල පිට පෙනුම එහෙම උනාට ඇතුල සුපිරි නේ. (ස)

:       0       0

ලලිත් Wednesday, 20 November 2013 07:22 PM

සමහර අපේ රටේ පොහොසත්තු නම් ගෙදර ඉන්නෙත් ඔය කියන විදිහට තමයි. කුණුකමට කන්නේ බොන්නේවත් නැතුව සල්ලි එකතුකරලා අන්තිමට මැරිලා යනවා. එලොවටත් සැපක් නැහැ. මෙලොවටත් සැපක් නැහැ. අපේ නෝනටත් මම නිතරම කියන්නේ ඔය ටිකමයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 37 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2002 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1555 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site