ඉන්දීය කාශ්මීරයේ දහස් ගණනක් ජනතාව පසුගිය දශක තුනේදී වදහිංසාවලට මුහුණ දී ඇතැයි ප්‍රමුඛ පෙළේ මානව හිමිකම් සංවිධාන නිකුත් කළ වාර්තාවක දැක්වේ.
මේ අනුව ඉන්දීය කාශ්මීරයේ ජනතාව මුහුණ දුන් වදහිංසා සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය පරීක්ෂණයක් කළ යුතු යැයි ද එම සංවිධාන දෙක පවසා ඇත.
අවස්ථා 432 දී වදහිංසා නිසා ඇති වූ තුවාලවල ප්‍රතිඵලයක් ලෙස ආසන්න වශයෙන් 40 දෙනකු මියගිය බව ද එම වාර්තාවේ සඳහන්ව තිබේ.
අතුරුදන් වූවන්ගේ දෙමාපිය සන්ධානය (ඒ.පී.ඩී.පී) සහ ජම්මු කාශ්මීර සිවිල් සමාජ සන්ධානය (ජේ.කේ.සී.සී.එස්) එක්ව එම වාර්තාව සකස් කර තිබේ. කෙසේ නමුත් එම සංවිධාන දෙක කරන ප්‍රකාශ හා චෝදනා සම්බන්ධයෙන් පිළිතුරු දීම ඉන්දීය ආණ්ඩුව ප්‍රතික්ෂේප කළේය. මුලින්ම චෝදනා අධ්‍යයනය කළ යුතු යැයි බලධාරීහු කීහ.
කාශ්මීර කැරැල්ලේ 30 වැනි සැමරුම මේ වසරට යෙදී තිබේ. වසර 1989 ඇති වූ එම කැරැල්ල නිසා දහස් ගණනකට ජීවිත අහිමි වූ එයින් බොහෝ දෙනා සිවිල් වැසියෝ වූහ.
මුස්ලිම් වැසියන් බහුතරයක් ජීවත්වන හිමාල කඳුකර ප්‍රදේශයට අයත් කාශ්මීරයේ කොටසකට ඉන්දියාව අයිතිවාසිකම් කියන අතර තවත් කොටසකට පාකිස්තානය අයිතිවාසිකම් කියයි.
වසර 1947 දී කාශ්මීරය එලෙස දෙකට බෙදුණි. ඉන්දියාව සහ පාකිස්තානය යන රටවල් දෙකට ඊට සම්පූර්ණයෙන් අයිතිවාසිකම් කියති.
කාශ්මීර වැසියන් ඔවුන්ට විරුද්ධ වීම පාලනය කිරීම සඳහා ඉන්දියාව ජනතාවට වදහිංසා පුමුණුවන බව එම වාර්තාව අවධාරණය කර ඇත. වදහිංසා පැමිණවීම ඉන්දීය පාලනය පවතින ජම්මු හා කාශ්මීර ප්‍රදේශයේ පාලනය පවත්වාගෙන යෑම උපකරණයක් බවට පත්ව ඇතැයි යනුවෙන් එම වාර්තාව නම් කර තිබේ.
ඒ.එෆ්.පී. ඇසුරිනි
- 055
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පසුගිය දශක තුනේ කාශ්මීරයේ ජනයා දුක් විඳි බවට වාර්තාවක්