IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


පලස්තීන සරණාගත ආයතනයට අරමුදල් ලබාදීම නවතා දැමීමට පියවර

එක්සත් ජාතීන්ගේ පලස්තීන සරණාගත ආයතනයට අරමුදල් ලබාදීම නවතා දැමීමට ඇමෙරිකා එක්සත් ජනපදය තීරණය කර ඇතැයි එරට රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.


එම ආයතනය සියලු බලාපොරොත්තු සුන් කර  ඇතැයි චෝදනා කරමින් ඇමෙරිකා එක්සත් ජනපදය එලෙස අරමුදල් සැපයිම නවතා දැමීමට තීරණය කර ඇත.


එක්සත් ජාතීන්ගේ පලස්තීන සරණාගත ආයතනය,  එක්සත් ජාතීන්ගේ සහන සහ සේවා ආයතනය (යු.එන්.ආර්.ඩබ්.ඒ) යන නිල නාමයෙන් හඳුන්වයි.  


එක්සත් ජාතීන්ගේ සහන සහ සේවා ආයතනය (යු.එන්.ආර්.ඩබ්.ඒ) සියලු බලාපොරොත්තු සුන් කර ඇතැයි ඉහත තීරණය නිවේදනය කරමින්  ඇමෙරිකා එක්සත් ජනපදය සඳහන් කර ඇත.


එක්සත් ජාතීන්ගේ පලස්තීන සරණාගත  ආයතනයේ ක්‍රියාකාරීත්වය සමීපව නිරීක්ෂණය කළ බවත් මින් ඉදිරියට එයට කිසිදු අරමුදලක් නොදීමට තීරණය කළ බවත් අදාළ තීරණය දැනුම් දෙමින් ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශිකාවක වන හෙදර් නොර්ට් සඳහන් කළාය. 


ඇමෙරිකා එක්සත් ජනපදය ගෙන ඇති එම තීරණය තම ජනතාවට එල්ල කරන ලද ප්‍රහාරයක් යැයි පලස්තීන ජනාධිපති මහම්මූද් අබ්බාස් ප්‍රකාශ කර ඇතැයි ඔහුගේ ප්‍රකාශකයෙක් පැවැසීය.


“මැද පෙරදිග කලාපය තුළ ඇමෙරිකා එක්සත් ජනපදයට කිසිදු කාර්යභාරයක් නැහැ. මෙම දඬුවමෙන් ඒ කරුණ වෙනස් වෙන්නේ නැහැ. ඒ වගේම මේ ගෙන තිබෙන තීරණය අර්බුදවලට විසඳුමක් නෙමෙයි” ජනාධිපති අබ්බාස්ගේ ප්‍රකාශක නබීල් අබු රුඩීන් ප්‍රකාශ කළේය.  


ඇමෙරිකා එක්සත් ජනපදය ගෙන ඇති මෙම තීරණය එක්සත් ජාතීන්ගේ යෝජනා නොසලකා හැරීමක් යැයි ද ඔහු සඳහන් කළේය.


ට්විටර් පණිවුඩ පෙළෙක්ම නිකුත් කරමින් යු.එන්.ආර්.ඩබ්.ඒ ප්‍රකාශකයකු වන ක්‍රිස් ගනස් තම ආයතනය වෙනුවෙන් පෙනි සිටියේය. 


“ යු.එන්.ආර්.ඩබ්.ඒ හි පාසල් , සෞඛ්‍ය මධ්‍යස්ථාන සහ හදිසි සහන සේවා වැඩසටහන්වලට එල්ල වන චෝදනා අපි හැකි සෑම ආකාරයකින්ම ප්‍රතික්ෂේප කරනවා. අප බලාපොරොත්තු සුන් කර ඇතැයි නගන චෝදනා කිසිසේත්ම සත්‍යයක් නොවේ. අපිඑය හැකි ප්‍රබලම ආකාරයෙන් ප්‍රතික්ෂේප කරනවා” ඔහු සඳහන් කළේය. 


- 055
බී.බී.සී ඇසුරිනි



අදහස් (0)

පලස්තීන සරණාගත ආයතනයට අරමුදල් ලබාදීම නවතා දැමීමට පියවර

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 774 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2414 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1761 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site