IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ප්ලාස්ටික් මහ සයුරත් වනසයි

මිනිසා විසින් භාවිතයට ගෙන ඉවත දමන පොලිතීන් බෑග් හා ප්ලාස්ටික් උපකරණ දේශගුණික සාධක වෙනස්වීමටත් වඩා පාරිසරික ගැටළුවක් බවට පත්ව ඇතැයි කැලිෆෝනියාවේ සමුද්‍ර පර්යේෂණ ආයතනය පවසයි.

එම ආයතනය වැඩිදුරටත් පවසන්නේ මිනිසා විසින් භාවිතයට ගෙන ඉවත දමන පොලිතීන් බෑග් සහ ප්ලාස්ටික් භාජන සාගර ජීවීන්ට මහත් තර්ජනයක් වී ඇති බවයි. ක්‍රමයෙන්  සාගර ජීවීන් මිය යාමටත්  දුර්ලභ ජීවී විශේෂ වඳවී යාමටත් එය හේතු වී ඇත.

කැලිෆෝනියාවේ සමුද්‍ර පර්යේෂණ ආයතනයේ ප්‍රධානී චාර්ල්ස් ජේ මූරේ පවසන්නේ පසුගිය වසර පහ තුළ මහා පරිමාණයෙන් ප්ලාස්ටික් හා පොලිතීන් අපද්‍රව්‍ය මුහුදු පරිසරයේ දක්නට ලැබෙන බවයි. එය යමකු කම්පනයට පත්කිරීමට සමත් අතිවිශාල ප්‍රමානයක් බව ද ඔහු කියයි.

මුහුදේ පාවෙන ප්ලාස්ටික් අපද්‍රව්‍ය ආහාරයක් යැයි සිතා බොහෝ මුහුදු පක්ෂීන් ඒවා ආහාරයට ගනී. දූපත්වාසී මුහුදු පක්ෂීන්ගෙන් සියයට 90ක් පමණ මියයන්නේ ප්ලාස්ටික් ආහාරයට ගැනීමෙන් බව ද ඔහු කියයි.

පැසිපික් සාගරයේ ටොන් ගණන් අපද්‍රව්‍ය එකතු වූ ස්ථාන තිබෙන බව ද මුරේ ඇතුළු කණ්ඩායමේ නිරික්ෂණයට ලක්ව ඇත. අප භාවිතා කරන දත් බුරුදුවේ සිට වාහන ටයර් දක්වා විවිධ භාණ්ඩ ඒ අතර වන බව ද ඔහු කියා සිටියි.

විශාල මසුන්ගේ බෙල්ලේ හා වළිගවලත් වරල් වලත් ප්ලාස්ටික් පටි හා දවටන රැඳී තිබේ යැයි ඔහු නිරීක්ෂණය කර ඇත. මියගිය එක් තල්මසකුගේ උදරයේ ප්ලාස්ටික් බෑග් 100ක් පමණ තිබී ඇත. අපවහන පද්ධති ඔස්සේ ගලා එන ෂැම්පු, තොල් ආලේපන, සබන් වැනි සනීපාරක්ෂක හා රූපලාවන්‍ය ද්‍රව්‍ය ක්ෂුද්‍ර ජීවීන් විසින් ආහාරයට ගන්නා බව ද නිරීක්ෂණය කැර ඇත.



අදහස් (0)

ප්ලාස්ටික් මහ සයුරත් වනසයි

නිහාල් Friday, 26 September 2014 11:06 PM

ප්ලාස්ටික්, පොලිතින් වැනි අපද්‍රව්‍ය දිරාපත් කරන්න ක්‍රමයක් සැළසුම් කරන්න. අපේ උගත් විද්වතුන්ට මෙය බාර කරමු (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 593 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1092 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site