පිලිපීනයේ මැනිලා නුවරට දකුණින් පිහිටි තාල් ගිනි කන්ද සක්‍රිය වීම හේතුවෙන් ආසන්න ප්‍රදේශ වල පදිංචි 8000 ක පමණ පිරිසක් ඉවත් කිරීමට සිදුව ඇතැයි වාර්තා වේ.
යමහලෙන් කිලෝමීටර් එකක් තරම් උසට දුම්රොටු විහිදෙන බවත් වරින් වර කම්පන සිදුවන බවත් බලධාරීහු පවසති.
තාල්, පිලිපීනයේ දෙවැනියට සක්‍රිය ගිනි කන්ද වන අතර ඉදිරි සති කිහිපය තුළ එහි දැවැන්ත පිපිරුමක් බලාපොරොත්තු වියහැකි බවට පිලිපීනයේ භූ කම්පන හා ගිනි කඳු සම්බන්ධ පර්යේෂණායතනය අනතුරු අඟවා තිබේ.
ගිනි කන්දෙන් දුම් පිටවීමට ආරම්භ වීමත් සමඟ මැනිලා ගුවන් තොටුපලේ ගුවන් ගමන් සියල්ල ද අත්හිටුවීමට බලධාරීහු පියවර ගත්හ.
පසුගිය අවුරුදු 450ක කාලය තුල ගිනි කන්ද 34වාරයක් විදාරණය වී ඇත.
(බීබීසී ඇසුරිණි - 085)
2025 නොවැම්බර් මස 04
760
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2405
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1760
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පිලිපීනයේ තාල් ගිනි කන්ද සක්‍රීය වෙයි