පිලිපීනයේ නැගෙනහිර පළාතට අධික වැස්සත් සමඟ ඇතිවු ගංවතුර හා නායයෑම් වලින් පුද්ගලයන් 61 දෙනෙකු මියගොස් තවත් 18 දෙනෙකු අතුරුදන් වී ඇති බව එරට බලධාරීහු පවසති.
අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් 22,000 කට වැඩි පිරිසක් අවතැන් වී තිබේ. මේ හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට විදුලිය විසන්ධි කර ඇති බව සිවිල් ආරක්ෂක බලධාරීන් සඳහන් කරයි.
මගීන් දහස් ගණනක් වරාය,ගුවන් තොටුපළ, බස් පර්යන්තවල නවාතැන් ගත් අතර අන්තර් - දූපත් අතර ඇති සංචාරක චාරිකා ද අවලංගු කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අතුරුදන්වූවන් සෙවීම සඳහා මුදවා ගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක බව එරට බලධාරීන් සඳහන් කරයි.
ශීත සෘතුවේ දී ඊසාන දිග මෝසමක් සමඟ අධික වැසි ඇතිවිය හැකි බව එරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
(28535)
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පිලිපීනයේ ගංවතුර - නායයෑම් වලින් 61 ක් මරුට