IMG-LOGO

පලතුරු එළවළු කෑවොත් අනාගතය යහපත්

පලතුරු සහ එළවළු කොටස් දෙකහමාරක් දිනකට කටවසා සපමින් අනුභව කිරිමෙන් ආඝාතය වැළදීමේ  අවදානම සුවිශේෂි ලෙස පහළයන බව නවතම පර්යේෂනයක් මගින් පෙන්වා දී ඇත.

පලතුරු ග්රෑම් 200 ක් සෑම දිනකම පරිභෝජනයට ගැනීවෙන් ආඝාතය වැළදීමට ඇති අවදානම සියයට 32 කින් අඩුවන බවත් කෑමට ගන්නා සෑම එලවළු ග්රෑම් 200 කින් එම තත්වය සියයට 11 කින් අඩුවන බවත් මෙම අධ්‍යනය මගින් සොයාගෙන ඇත.

මෙම තීරණයට පැමිණ ඇත්තේ පළතුරු සහ එලවළු පරිභෝජනය මගින් ආඝාතයට වන බලපෑම  පිලිබඳ වසර 19 ක් තිස්සේ කරණ ලද අධ්‍යනයන්ගේ ප්‍රසිද්ධ කරන ලද  තොරතුරු විශ්ලේෂණ කිරීමෙන් පසුවය.

 

මෙම අධ්‍යනය මගින් පෙන්වා දී ඇත්තේ පලතුරු සහ එළවළු වැඩි වශයෙන් අනුභවය මගින් රුධිර පීඩනය අඩුවන බවයි. අධි රුධිර පීඩනය ආඝාත තත්වයට ඉවහල්වන ප්‍රධාන සාධකයකි.

ශරීර ස්කන්ධ දර්ශකය, ඉඟටියේ වට ප්‍රමාණය, කොලෙස්ටරෝල් සහ ප්‍රදාහයට ආහාර වලින් විශාල දායකත්වයක් දක්වන බව මෙම අධ්‍යනය මගින්  කියා ඇත.

ආහාරයට පලතුරු සහ එලවළු වැඩි වශයෙන් එක්කර ගැනීම නිසා ස්ත්‍රීනට සහ පුරුෂ යන දෙපක්ෂයට ප්‍රතිලාබ ලැබේ.
 

පර්යේෂකයන් ඇමරිකාව විසින් කරන ලද  අධ්‍යනයන් හයක ප්‍රතිපලද, යුරෝපයේ කරන ලද අධ්‍යනයන් අටකද,  සහ චීනයේ සහ ජපානයේ හයකද ප්‍රතිපල ඒකාබද්ධ කර තිබේ. ඔවුන් පෙන්වා දෙන්නේ අඩු පලතුරු ප්‍රමාණයක් හා එලවළු ප්‍රමාණයක් පරිභෝජනය කරන්නේ පහළ සහ මධ්‍යම ප්‍රමාණයේ ආදායම් ඇති රටවල් වල බවයි.

එංගලන්තයේ වසරකට 150000 කට වඩා  ආඝාතයෙන් පෙළෙන අතර එහි මරණවලට තුන්වන හේතුව එයයි. අනෙක් හේතු දෙක හෘදයාබාධ සහ පිළිකා වෙති.

එංගලන්තයේ වැඩිහිටියන් ආබාධිත තත්වයට පත්වන ප්‍රධානම ක්‍රමය ආඝාතය වැළදීමයි. ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ ලෝකය තුල සෑම දිනකම එක් අයෙක්  ආහාර සහ පලතුරු ග්රෑම් 600 ක් පරිභෝජනය කරයි නම් එමගින් ආඝාත තත්වය සියයට 19 කින් අඩුකල ගත හැකි බවයි.

චීනයේ මරණ වලට ප්‍රධාන හේතුව ආඝාත තත්වයයි. එහි මිලියන 1.7 ක් 2010 දී ආඝාතය හේතුවෙන් මියගොස් ඇත. ඇමරිකාවේ මරණ වලට 4 වන හේතුව මෙයවේ. එහි ආබාධිත තත්වයට හේතුවන ප්‍රධානම හේතුව මෙයවේ.

 



අදහස් (0)

පලතුරු එළවළු කෑවොත් අනාගතය යහපත්

Tabitha Saturday, 17 May 2014 11:05 AM

පලතුරු හා එළවලු ආහාරයට ගැනීම ඉතාමත් හොඳයි. එහෙත් ඉතින් වස විස නැති පලතුරු කොහෙන් ලබා ගන්න ද අප්පා ? පින්තුර නම් හරිම ලස්සනයි (අ)

:       0       0

නෞපාල් මෙහොමඩ් Saturday, 17 May 2014 02:02 PM

දැන් ගාන ඇහුවම නොමිලෙම ආඝාතය හැදෙනවා.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 23 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1559 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1687 4
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

Our Group Site