දෝෂාභියෝගයකින් නෙරපා දැමුණු පේරු ජනාධිපති පේද්‍රෝ කැස්ටිලෝට රැකවරණ ලබා දීමට තමන් සූදානම් යැයි මෙක්සිකෝ රජය පවසා ඇත.
මෙක්සිකෝ රජය මෙසේ පැවැසුවේ 53 හැවිරිදි කැස්ටිලෝ, සිය නීතිඥවරයාගේ මාර්ගයෙන්, දේශපාලන රැකවරණ දෙන්නැයි මෙක්සිකෝ රජයෙන් ඉල්ලා ඇති බැවිනි. පේරු පමණක් නොව, මෙක්සිකෝව ද ලතින් ඇමෙරිකා කලාපයට අයත් රටවල්ය.
පේද්‍රෝ කැස්ටිලෝ දෝෂාභියෝගයකින් ධුරයෙන් ඉවත් කෙරුණේ ඔහු ජනාධිපති බලතල අවභාවිතයට ලක් කළ බැවිනි. කැස්ටිලෝ උත්සාහ ගත්තේ පේරු පාර්ලිමේන්තුව (කොංග්‍රසය) විසුරුවා හැරීමටය.
කැස්ටිලෝ සහ ඔහුගේ පවුලේ අයට දූෂණ චෝදනා ද එල්ල වී තිබේ. දොෂාභියෝගයෙන් ඉවත් කෙරුණු සැණින්, කැස්ටිලෝ අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කෙරුණි. චෝදනා සම්බන්ධයෙන් නඩු විභාගයක් පැවැත්වීමට නියමිතය.
(රොයිටර්)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
පේරු ජනපතිට රැකවරණ දෙන්න මෙක්සිකෝව සූදානම්