IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ප‍්‍රහාර දුන්නේ පාකිස්තාන රජයේ අනුදැනුම ඇතිව

පාකිස්තාන හමුදා සෙබළුන් 24 දෙනකුට මරු කැඳවමින් ඇමෙරිකාව ප‍්‍රමුඛ නේටෝ හමුදා එල්ල කළ ප‍්‍රහාරය පාකිස්තානයේ අනුදැනුම මත සිදුවූවක් යැයි ඇමෙරිකාවේ ‘වෝල් ස්ටී‍්‍රට් ජර්නල්’ පුවත්පත අනාවරණය කරයි. ‘වෝල් ස්ටී‍්‍රට් ජර්නල්’ පුවත්පත වාර්තා කරන අන්දමට ඇෆ්ගන්/පාකිස්තාන දේශසීමාවේ පිහිටි එම හමුදා මුර පොළට පහර දීමක් කරන බව ඇමෙරිකන් හමුදාව පාකිස්තාන හමුදාවට කල් තියා දැනුම් දීමක් කර ඇති අතර පාකිස්තාන රජය එම ප‍්‍රහාරයට අනුමැතිය ලබාදී තිබේ. ‘වෝල් ස්ටී‍්‍රට් ජර්නල්’ පුවත්පත පළ කළ එම වාර්තාව තරයේ හෙලා දකිමින් පාකිස්තාන රජය සහ හමුදාව පවසන්නේ ඔවුන් කිසිදු අවස්ථාවක ඇමෙරිකාවට හෝ නේටෝවට පාකිස්තාන සෙබළුන් ඉලක්ක කර ගනිමින් පහර දෙන්නැයි අවසර ලබා දී නැති බවය. ඇෆ්ගන්/පාකිස්තාන දේශසීමාවේ පෙෂවෝර් නගරයට නුදුරින් පිහිටි එම පාකිස්තාන හමුදා මුරපොළවලට ඇමෙරිකා සහ නේටෝ හමුදා පහර දුන්නේ ඉකුත් සති අන්තයේය. එම ප‍්‍රහාරයෙන් පාකිස්තාන සෙබළු 13 දෙනෙක් තුවාල ලැබූහ. එම ප‍්‍රහාරයත් සමඟ පළුදු වී තිබුණු පාකිස්තාන/ඇමෙරිකා සබඳතා මුළුමනින්ම බිද වැටුණි. වසර 10 කට ආසන්න කාලයක් තිස්සේ ඉස්ලාමීය සටන්කාමීන්ට එරෙහිව ඇමෙරිකාව ප‍්‍රමුඛ නේටෝව ඇෆ්ගනිස්තානයේ සිදු කරන සංග‍්‍රාමයේදී ඇමෙරිකාවේ සමීපතම මිතුරකු ලෙස කටයුතු කළේ ඇෆ්ගනිස්තානයේ අසල්වැසියකු ද වන පාකිස්තානයයි. ඇෆ්ගනිස්තානයේ සිටින විදෙස් හමුදාවලට අවශ්‍ය බඩුබාහිරාදිය රැුගෙන යන්නේ පාකිස්තානය හරහාය. එම භාණ්ඩ ප‍්‍රවාහන මාර්ග වසා දැමීමටද, පාකිස්තාන රජය මේ වනවිට තීරණය කර තිබේ. එමෙන්ම පාකිස්තානයේ ගෝති‍්‍රක ප‍්‍රදේශයේ පිහිටුවා ඇති ඇමෙරිකන් හමුදා කඳවුරක් ද වහා ඉවත් කර ගන්නැයි පාකිස්තාන රජය ඇමෙරිකාවට දැනුම් දී ඇත.



අදහස් (0)

ප‍්‍රහාර දුන්නේ පාකිස්තාන රජයේ අනුදැනුම ඇතිව

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 168 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 152 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site