IMG-LOGO

ප්‍රහාරය පසුපස ඉන්නේ ඉස්ලාමීය අන්තවාදීන්

රුසියන් රඟහලට එල්ල වුණු ම්ලේච්ඡ ප්‍රහාරය පසුපස ඉස්ලාමීය අන්තවාදීන් සිටින බව රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි.

මේ බව පවසමින්, රුසියන් ජනාධිපතිවරයා වැඩි දුරටත් කියා සිටියේ එම ප්‍රහාරයට යුක්රේනය කෙසේ හෝ සම්බන්ධ යැයි තමන් විශ්වාස කරන බවය.

රංගන ශාලාවට එල්ල වුණු එම ප්‍රහාරය සම්බන්ධයෙන්, අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරුවන් සිව්දෙනා ඊයේ (25) මොස්කව් අධිකරණයක් හමුවට ඉදිරිපත් කර චෝදනා ගොනු කෙරුණි.

එහිදී ඔවුන්ගේ අනන්‍යතාවද අනාවරණ විය. ඒ අනුව, මාධ්‍ය වාර්තා කර ඇත්තේ ඔවුන් සිව්දෙනාම ටජිකිස්තාන ජාතිකයින් බවය.

ප්‍රහාරයෙන් සිදුවූ මරණ 145 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති අතර, ප්‍රහාරයෙන් තුවාල ලැබූ 150කට වැඩි පිරිසක් තවමත් රෝහල්ගතව පසුවෙති.

තුවාල ලැබූවන්ට ලේ පරිත්‍යාග කිරීමට රුසියානුවන් බොහෝ දෙනා රෝහල් ඉදිරිපිට පෝළිම්වල සිටිනු දකින්න ලැබේ.

අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවන්ගෙන් තිදෙනෙක් මේ වනවිටත් ප්‍රහාරයේ වගකීම භාරගෙන ඇති අතර සිව්වැන්නා වන 19 හැවිරිදි සැකකරු අධිකරණයට ඉදිරිපත් කෙරුණේ ද රෝද පුටුවක ආධාරයෙනි. අල්ලා ගත් එම සැකකරුවන් රුසියන් ආරක්ෂක අංශ කුරිරු ලෙස වධබන්ධනයට ලක් කර ඇතැයි ද පැවැසෙයි.

සැකකරුවන් සිව්දෙනාම ලබන මැයි මස 22 වැනිදා දක්වා බන්ධනාගාරගත කිරීමට අධිකරණය අවසර ලබාදුන් අතර ඉන් පසුව ඔවුන්ට ජීවිතාන්ත සිරදඬුවම් හිමිවෙතැයි අපේක්ෂා කෙරේ.

මේ අතර, ජනාධිපති ව්ලැද්මීර් පුටින් ප්‍රහාරයෙන් මියගිය පිරිස සිහිකර ඉටිපන්දම් දැල්වීමට ද අමතක නොකළේය.

(බීබීසී)



අදහස් (0)

ප්‍රහාරය පසුපස ඉන්නේ ඉස්ලාමීය අන්තවාදීන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 252 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 780 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1201 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site