ප්‍රංශයේ පැරිස් අගනුවර නොත්‍රදාම් දෙව්මැදුරේ ඇති වූ ගින්න සම්බන්ධයෙන් ලෝක නායකයෝ බොහෝමයක් සිය කනගාටුව පළ කළහ.
මානව ඉතිහාසයේ සුවිශේෂී නිර්මාණයක් වන පැරිසියේ පිහිටි නොත්‍රදාම් දේවස්ථානයේ ඇති වූ ගින්නෙන් මහා විනාශයක් සිදු වූ අතර ගෘහනිර්මාණවලට සිදු වූ හානිය තවමත් ගණනය කර නොමැත. කෙසේ නමුත් ගින්න නිසා සිදු වූ විනාශය මිණිය නොහැකි යැයි බොහෝ පාර්ශව පෙන්වා දී තිබිණි.
අති උතුම් ශාන්ත ෆ්‍රැන්සිස් පාප්තුමා රෝමානු කතෝලික ප්‍රජාව වෙනුවෙන් , ප්‍රංශය සහ ප්‍රංශ ජාතිකයන් වෙනුවෙන් යාඥා කරන බවත් මෙම ඛේදජනක අවස්ථාවේදී ප්‍රංශය සමඟ සිටින බවත් පාප්තුමාගේ ප්‍රකාශකයා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේය.
“නොත්‍රදාම් දේවස්ථානය මුළු මහත් මනුෂ්‍ය සංහතියට හිමි නිර්මාණයක්. ලේඛකයන්, චිත්‍ර ශිල්පීන්, දාර්ශනිකයන් බොහෝමයක් ප්රබෝධයට පත් කළා. ධෛර්යට පත් කළා. ඔවුන් දිරිගැන්වුවා. ඔවුන්ගේ නිර්මාණවලට මහත් රුකුලක් වුණා. ලෝකයේ නන්දෙසින් සංචාරකයෝ නොත්රදාමයට පැමිණියා” යැයි යුරෝපා සංගම්, කොමිසමේ ප්‍රධානී ජෝන් ක්ලෝඞ් යුන්කර් පැවැසීය.
“ඔබ ඔබේ දෙව්මැදුර ගොඩනගනවා” යැයි යුරෝපා සංගමයේ ප්‍රධානී ඩොනල්ඞ් ටස්ක් පැවැසීය. හෙතෙම දෙව්මැදුර ගොඩනැගීමට යුරෝපා සංගමයේ සාමාජික රටවල් 28ම සහාය ද ඉල්ලීය.
“දෙව්මැදුර ගින්නෙන් විනාශ වීම ප්‍රංශයේ හදවතට එල්ල වූ දරුණු පහරක්. ඒ වගේම යුරෝපයේ අප සියලු දෙනාටම එල්ල වූ දරුණු ප්‍රහාරයක්” යැයි ඉතාලි අගමැති ජුසැප්පේ කොන්තේ කීවේය. “නොත්‍රදාම් දෙව්මැදුර ගිනිගත් පුවත අපේ ඉතිහාසයටත් අපේ විශ්වීය සංස්කෘතික උරුමය ගැනත් වාර්තා වූ කනගාටුදායක පුවතක්” යැයි ස්පාඤ්ඤ අගමැතිවරයා පැවැසීය.
“එය එහා මෙහා වේවි. එහෙත් කවදාවත් ගිලෙන්නේ නැහැ” යැයි ජර්මානු චාන්සලර් ඇන්ගෙලා මර්කෙල් වෙනුවෙන් ඇගේ ප්‍රකාශකයා ප්‍රකාශ කළේය. “නොත්‍රදාම් දේවස්ථානය ප්‍රංශ සහ යුරෝපියානු සංස්කෘතියේ සංකේතය” යැයි ද හෙතෙම ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේය.
දෙව්මැදුරේ ඇති වූ ගින්න සම්බන්ධයෙන් ප්‍රංශ ජනතාවට කනගාටුව පළ කරන බව බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේමා මේ කීවාය.
“නොත්‍රදාම් දේවස්ථානය ප්‍රංශයේ සංකේතයක්. යුරෝපීය සහ ලෝක සංස්කෘතියේ මිල කළ නොහැකි අනර්ඝතම වස්තුවක්. ලොව ඉතා වැදගත්ම කිතුණු ස්ථානයක්. මේ ව්‍යසනය රුසියානුවන්ගේ හදවත්වල දැඩි කනගාටුවක් ඇති කරනවා” යැයි රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ප්‍රකාශ කළේය.
“නොත්‍රදාම් දේවස්ථානය 14 වැනි සියවසේ සිට ලෝක උරුමයක් ලෙස නොනැසී තිබුණා. එය ලෝක උරුමයකට සුවිශේෂී උදාහරණයක්. දේවස්ථානයේ ගින්නක් ඇති වූ දැනගැනීමට ලැබීම මහත් බියක් ගෙන දුන්නා” යැයි එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්තෝනියෝ ගුටරෙස් පැවැසීය.
“අපගේ හදවත් බිඳිලා” යැයි එක්සත් ජාතීන්ගේ අධ්‍යාපන, විද්‍යා සහ සංස්කෘතික සංවිධානයේ (යුනෙස්කෝ) ප්‍රධානී ඕඩ්‍රී අසූලේ සඳහන් කළාය. “නොත්‍රදාම් දේවස්ථානය ගෘහ නිර්මාණ ශිල්පය, සංස්කෘතිය, ආගමික උරුමය සහ සාහිත්‍ය උරුමය සමස්ත ලෝකයටම විදහා දක්වනවා” යැයි ඇය කීවාය.
දේවස්ථානයේ ගින්න ඇති වු සැණින් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කනගාටුව පළ කරමින් ගින්න නිවීමට ඉක්මන් පියවර ගන්නැයි කියමින් ට්විටර් පණිවුඩයක් නිකුත් කළේය. හෙතෙම සිය කනගාටුව ද පළ කළේය. ඇමෙරිකානු ජනාධිපතිවරයා සහ ඉහත කී ලෝක නායකයන්ට අමතරව මැදපෙරදිග සහ අප්‍රිකාවේ නායකයෝ ද දේවස්ථානයේ ඇති වූ ගින්න සම්බන්ධයෙන් සිය කනගාටුව පළ කළහ.
ඒ.එෆ්.පී. ඇසුරිනි
055
2025 නොවැම්බර් මස 04
786
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2438
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1764
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පැරිස් දේවස්ථානයේ ගින්නට ලෝක නායකයන්ගේ ශෝකය
Gihan Tuesday, 16 April 2019 03:44 PM
බෞද්ධ අපටත් මහත් සංවේගයක් දැනුනා. සියළු සංස්කාර, ඒ කියන්නේ හේතූන්ගෙන් හටගත් සියල්ල නැසෙන සුළුයිනෙ. ඔවුන් එය ඉක්මනින්ම පිළිසකර කරාවි.
නිශාන්ත Wednesday, 17 April 2019 03:32 AM
අතීත මිනිසුන්ගේ භක්ති ආදරයෙන් දහඩිය කදුළු මැදින් ඉදිවි ලෝවැසියන්ට උරුමයක් වු නොත්රදාමි දේවස්ථානය කඩිනමින් නැවතත් ඉදිවෙනු ඇත. එය ලොව පවතින තෙක් සදා වැජබෙනු ඇත.
anura Wednesday, 17 April 2019 04:27 AM
මෙවැනි මිල කළ නොහැකි අගනා නිර්මාණයක් ආරක්ෂා කර ගැනීමට විද්‍යාවෙන් හා තාක්ෂණයෙන් දියුණු යයි කියන රටකට නොහැකි වීම කණගාටුවට හා පුදුමයට පත් විය යුතු කරුණකි. යම්කිසි වාසියක් තකා හිතා මතා කළ දෙයක් ද විය හැකිය.