එක්සත් ජාතික පක්ෂ පැරිස් ශාඛාවේ මහ සභා රැස්වීම සහ නිලවරණය පසුගිය පෙබරවාරි 28 වැනි දා පැරීසියේ සෙන්ට් මොන්දේ නගර ශාලාවේදි පැවැත් වුයේය. පසුගිය ජනාධිපතිවරණයේදි යහ පාලනයක් සදහා පැරීසියේ එකමුතුවට ශක්තිය දුන් එජාප පැරිස් ශාඛාවේ සමාජිකයෝ විශාල පිරිසක් මෙදින සභාව නියෝජනය කළේය. එහිදි 2015 නව නිලධාරි මණ්ඩලයක් පත් කර ගැනිණි.
ඒ අනුව සභාපති, ලේකම්, භාණ්ඩාගාරික, සංවිධායක, සාමාජික ප්‍රවර්ධන ලේකම්, යුරෝපා සංවිධායක යන ප්‍රධාන තනතුරු සදහා අනුපිළිවෙළින් නාලක දෙවේන්ද්‍රන්, තිලිණ රණසිංහ, රෙක්ස් හෙට්ටිආරච්චි, නීල් මනෝහර, අජිත් පෙරේරා, රාජ් ප්‍රනාන්දු තේරී පත් කරගනු ලැබූහ.
උප තනතුරු සදහා සාලිය කොටිගලගේ, ධර්මසිරි ලියනවඩුගේ, ප්‍රභාත් පුන්නජිද සුබ සාධක ලේකම් ලෙස චන්ද්‍රසිරි චන්ද්‍රසේන මහත්වරු තෝරා පත් කර ගැණුනාහ.11 දෙනෙකුගෙන් සමන්විත කාරක සභාවක් සමග හිටපු සභාපති අජන්ත කල්දේරා මහතා හා වොෂිතා සේනානායක මහත්මිය අනුශාසකවරු ලෙස පත් කර ගනු ලැබූහ.
2025 නොවැම්බර් මස 04
449
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2207
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1660
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පැරීසියේ එජාප නිලවරණය
රොහාන් Monday, 09 March 2015 09:07 AM
ජය .ජය .ජය .වේ .ශ්‍රී ලංකා ......! (අ)
රිචි බාලසුරිය Monday, 09 March 2015 09:23 PM
ලංකාවෙන් පිට වෙන රටක ජීවත්වන අපට මොන පක්ෂ සහ පාටද? මේවායින් වන්නේ මේ රටවල අයගේ බේද ඇතිවීම සහ එකමුතුකම නැතිවීමය. පිටරටකදී එක ජාතියක් සැටියට මිස පක්ෂ වලට බෙදීම මම අනුමත නොකරමි (නි)
රෝහිනී Monday, 09 March 2015 09:39 AM
එ.ජා.ප.පැරිස් .ශ්‍රී ලංකා පිරිසට ජය .ජය .ජය ..! (අ)
සල්ගාදු ප්‍රන්සය Monday, 09 March 2015 10:18 AM
ලංකාවේ ආණ්ඩු වෙනස් වෙන විට ප්‍රංශයේත් සමිති සමාගම් වල නම සහ මුහුණු වෙනස් වනවා. කාගේත් සහය බලය ඇති පැත්තට (නදී)
යහම්පත් Wednesday, 11 March 2015 07:36 PM
වාසි පැත්තට හෝයියා! (නි)
නිලවීර ප්‍රංශය Tuesday, 10 March 2015 04:46 PM
මගේ අදහස ප්‍රංශයේ සිටිනා සියලු ලක්වැසියන් එකමුතුවී පක්ෂ බේද , ආගම් බේද ජාති බේද දුරලා එකම සමිතියකින් ලංකාවට සේවයක් කිරීමේ ක්‍රමයක් ඇතිකිරීම බොහෝ වටිනවා කියායි (නි)
කුමාර Wednesday, 11 March 2015 09:42 PM
නිලධාරින් විතරයිනේ ඉන්නේ?? (නි)
ප්‍රනාන්දු Tuesday, 10 March 2015 09:09 PM
සියල්ලටම වඩා වැදගත් වන්නේ ජාතික අභිමානයයි (නි)
දුමින්ද Monday, 09 March 2015 01:56 PM
සල්ගාදු මහතානනි, පක්ෂයේ කටුස්සන් පාට මාරු කරනවා (නදී)
සන්ධ්‍යා Monday, 09 March 2015 02:16 PM
ඔබ සැමටම ජයවැව *අප රට වනුවන් (අ)
ලෙස්ලි ලෝව් Tuesday, 10 March 2015 06:39 AM
දේශපාලනයට තැන වැදගත් නැහැ .ක්‍රියාවයි වැදගත් වෙන්නේ. නව සභාපති තුමා ඇතුළු නිලධාරී මඩුල්ලට ගෞරවනිය වැදගත් නිහතමානී ගමනක් යාමට හැකි වේවායි මා හද පතුලින්ම සුබ පතමි. මේ කණ්ඩායමේ එකමුතුකම නිහතමානී සහෝදරත්වය පිලිබදව මා සාක්ෂි දරමි. ඔබලාට දෙවි පිහිටයි (නදී)
රන්දික Monday, 09 March 2015 04:48 PM
ඒ .ජා.ප. පැරිස් පිරිස නියම ජය සතුට. (නදී)
රණසිංහ Monday, 09 March 2015 04:54 PM
හිටපු සබාපතිට මොකද උනේ ? (නදී)
ලක්මාල් Monday, 09 March 2015 05:01 PM
ඒ.ජ .ප සබා. උඩ.පැන්නා බිම වැටුනා (නදී)
වීරසිංහ Monday, 09 March 2015 07:24 PM
සුබ පතනවා! (නි)
සුසිලා Monday, 09 March 2015 07:27 PM
මේවා කොච්චර හොඳද? (නි)
රොහාන් දයාදර පැරිස් Monday, 09 March 2015 07:29 PM
රණසිංහ, ලක්මාල් මහතුනි, එ.ජා.ප හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පමණක් නොව, ඕනෑම සංවිධානයක බහුතරයගේ මතය මත පත්වීම් ලබයි. එය ප්‍රජාතන්ත්‍රවාදයයි. මෙලොව නොවෙනස්වන එකම දෙය වෙනසයි. සමගියෙන්, සමාදානයෙන්, කරුණාවෙන්, ඉවසීමෙන් කටයුතු කරන්න. එවිට සැනසීම ලැබෙයි. (නි)