පිරිමි පාර්ශවයට වඩා කාන්තා පාර්ශවය අධි රුධිර පීඩනය වැළඳීම අනතුරුදායක බව නවතම පර්යේෂණයකින් අනාවරණය වී ඇත.මෙම පර්යේෂණය සිදුකර ඇත්තේ ඇමෙරිකාවේ ෆොරස්ට් බැප්ටිස්ට් වෛද්‍ය මධ්‍යස්ථානයේ විද්‍යාඥයන් කණ්ඩායමක් විසිනි.
මෙම විද්‍යාඥ කණ්ඩායම පවසා සිටින්නේ අධි රුධිර පීඩනය සඳහා ප්‍රතිකාර කිරීමේදි වෛද්‍යවරුන් පිරිමි පාර්ශවයට වඩා කාන්තා පාර්ශවය කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතු බවයි. පිරිමි පාර්ශවයට වැළදෙන අධි රුධිර පීඩනය වඩා කාන්තා පාර්ශවයට වැළදෙන අධි රුධිර පීඩනයේදි සිදුවන කි්‍රයාවලිය වෙනස් බව මෙම පර්යේෂණයේදී අනාවරණය වී ඇත.
මීට පෙර වෛද්‍යවරුන් සිතා ඇත්තේ අධි රුධිර පීඩනයේදි ප්‍රතිකාර කිරීමට ලිංග භේදයන් නොමැති බවයි.එහෙත් මෙම නවතම පර්යේෂණයේදී අනාවරණය වී ඇත්තේ අධි රුධිර පීඩනයෙට ප්‍රතිකාර කිරීමේදි ලිංගභේදය සලකා බැලිය යුතු බවයි.
මේ අතර පසුගිය අවුරුදු 20ත් 30ත් අතර කාලය ඇතුළත හෘද රෝග හා කන්තුක වාහීනි රෝග ආශ්‍රයෙන් මියගිය පිරිමි පාර්ශවයේ ප්‍රමාණය අඩු වී ඇති බවත් හෘද රෝග හා කන්තුකවාහීනි රෝග ආශ්‍රිත කාන්තා මරණ ප්‍රමාණය වැඩි වී ඇති බවත් මෙම පර්යේෂණයට සම්බන්ධ වූ විද්‍යාඥයෙක් පැවසීය.
කාන්තා පාර්ශවයට හෘද රෝග වැළදෙන ප්‍රතිශතය පිරිමි පාර්ශවයට වඩා සියයට 30ත් 40ත් ප්‍රමාණයකින් වැඩි බව මෙහිදි තවදුරටත් අනාවරණය වී ඇත.
මීට අමතරව පිරිමි කන්තුක වාහීනි පද්ධතියේ වඩා කාන්තා කන්තුකවාහීනි පද්ධතියේ වෙනස්කම් ඇති බවද මෙම පර්යේෂණයේදී අනාවරණය වී ඇත.
(ඩේලිමේල් ඇසුරෙනි)
2025 දෙසැම්බර් මස 18
558
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
278
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1078
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘ප්‍රෙෂර් වැඩි කාන්තාවන්ටලු‘
රජින්ද Thursday, 16 January 2014 09:46 PM
ලංකාදීපෙට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා හැම පුවත්පතකම දක්නට ලැබෙන රට රටවල කලකොලහලයි, යුද්ධයි වෙනුවට ශරීර සුවය ගැන, අභ්‍යවකාශය ගැන, විද්‍යාව ගැන වගේ නිතර අහන්න දකින්න නොලැබෙන එහෙත් අහන්න දකින්න ආස පුවත් නිරන්තරයෙන්ම මෙම තීරුවේ පල කිරීම ගැන. දිනකට කිහිපවිටක් මම මේ තීරුව අවධානයට ලක් කරන්නේ එහෙයිනි. (අ)
ලක්ෂ්මන් ජයවර්ධන Friday, 17 January 2014 04:23 AM
මේක පිළිගන්න බැරි කතාවක්නේ. හර්දයාබද වලින් වැඩිපුර මිය යන්නේ පිරිමි අයයි. පිරිමි අපට වඩා ගැහැණු අයට ආයුෂ වැඩ්යි (දිල්)
සුවාරිස් Friday, 17 January 2014 02:28 PM
කාන්තාවන්නේ වැඩියෙන්ම වැඩ කරන්නේ.(නදී)
නිකී Friday, 17 January 2014 04:05 PM
කාන්තාවන් පිරිමින්ට වඩා වැඩ කරනවා .මානසික පීඩනය වැඩි. වගකීම් වැඩියි (අ)