IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


ප‍්‍රංශ මැති ඇමැතිවරුන්ගේ වැටුප් කප්පාදුවට ජනතා ප‍්‍රශංසා

කැබිනට් මණ්ඩලයේ ඇමැතිවරුන් 34 දෙනාගේත්, අගමැතිවරයාගේත් තමාගේත් වැටුප සියයට 30 කින් කප්පාදු කිරීමට ප‍්‍රංශයේ නව ජනපති ෆ‍්‍රන්සුවා  ඕලන්ද් ගත් තීරණය ප‍්‍රංශ ජනතාවගේ ප‍්‍රශංසාවට ලක් වී ඇත. නව ජනපතිවරයා එම වැටුප් කප්පාදු කිරීමට තීරණය කළේ පෙරේදා (17) ප‍්‍රංශයේ නව වාමාංශික රජයේ ප‍්‍රථම කැබිනට් රැුස්වීමට සහභාගී වී වැඩ ආරම්භ කළ අවස්ථාවේදීය. මැතිඇමැතිවරුන්ගේ වැටුප් කප්පාදු කරන බවට  ජනපති ෆ‍්‍රන්සුවා  ඕලන්ද් ඡුන්ද පොරොන්දුවක් ද ලබා දී තිබුණි. රාජ්‍ය මුදල් මනා ලෙස කලමණාකරණය කිරීමේ පියවරක් ලෙස එම වැටුප් කප්පාදුව සිදු කර ඇත. මීට අමතරව රාජ්‍ය වියදම් කපා හැරීමට ගෙන ඇති දළදඬු නීති ඉවත් කිරීමට ද  ඕලන්ද්ගේ නව රජයේ අරමුණ වී ඇත. ප‍්‍රංශ නව ජනපතිවරයා මෙලෙස වැටුප් කප්පාදු කරද්දී, අසල්වැසි ජර්මනියේ චාන්සල්වරිය වන ඇන්ජෙලා මාර්කෙල්ගේ වැටුප් වැඩි කිරීමට ජර්මන් රජය පියවර ගෙන තිබේ. දැනට වාර්තා වන අන්දමට චාන්සල්වරියගේ වැටුප  ඕලන්ද්ගේ වැටුපට වඩා බෙහෙවින් ඉහළය. යුරෝපා රටවල වත්මන් මූල්‍ය ප‍්‍රතිපත්තිය සමාජවාදයට අනුකූල නොවන බව ප‍්‍රංශයේ නව මුදල් ඇමැති පියේ මොස්කෝවික් කියයි. ණය බර වැඩිවීම රටකට හානිදායක බවත්, රාජ්‍ය ණය සහ අයවැය පරතරය අඩු කිරීමට තමන් කටයුතු කරන බවත් හෙතෙම වැඩිදුරටත් කියා සිටී.



අදහස් (0)

ප‍්‍රංශ මැති ඇමැතිවරුන්ගේ වැටුප් කප්පාදුවට ජනතා ප‍්‍රශංසා

රෝහිත-germany Sunday, 20 May 2012 07:04 PM

ලංකාවෙත් ඔය විදියට කරන්න අමාරුද?

:       0       0

රජිත් Sunday, 20 May 2012 07:29 PM

ආදර්ශ ගන්නව නම් කොච්චර දේ තිබුණද? තියෙනවද?

:       0       0

අදිරියන් Sunday, 20 May 2012 07:52 PM

මේකත් නිකන් ලංකාවේ ආණ්ඩුවක් ආපු ගමන් ඇමතිවරු ගාන අඩු කරනවා වගේ වැඩක්. බලමුකෝ ඉස්සහරට මුන්නැහෙගේ වැඩ. මේවා ඔක්කොම ජනතාව ගොනාට අන්දන්න දාන සෙල්ලන්

:       0       0

වී.ඩී. Sunday, 20 May 2012 02:10 AM

අපට හොඳ ආදාර්ශයක් වෙයිද?????

:       0       0

සමන් Monday, 21 May 2012 12:21 PM

ඒ ප්‍රංශේනේ............මේ..... ලංකාව..... !!!

:       0       0

අමිල Sunday, 20 May 2012 12:13 PM

ලංකාවේ එහෙම වෙන්නේ නෑ

:       0       0

රොෂාන්-Riyadh Sunday, 20 May 2012 02:43 PM

මේ වගේ දේවල් කොහෙත්ම අපේ රටට ගැළපෙන්නේ නෑ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 94 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 32 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 737 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site