නිල සංචාරයක් අරඹමින් ඇමෙරිකාවට පැමිණි ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් සහ බි්‍රජෙත් ත්‍රොග්නෝව්ට ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් සහ බිරිඳ ජිල් බයිඩන්ගෙන් උණුසුම් පිළිගැනීමක් හිමිවිය.
ප්‍රංශ ජනාධිපතිවරයා සහ බිරිඳ වෙනුවෙන් ධවල මන්දිරයේ දී විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයක් පැවැත්වීමට ද ඇමෙරිකන් ජනාධිපති බයිඩන් කටයුතු කළේය.
‘ප්‍රංශය ගෝලීය වශයෙන් ඇමෙරිකාවේ සමීපතමෙක්. ඒ වගේමයි ප්‍රංශය කියන්නේ ඇමෙරිකාවේ පැරැණිතම මිතුරෙක්. ගෝලීය අභියෝග විසඳීමේදී ප්‍රංශය ඇමෙරිකාවට ශක්තියක්’ යැයි ඇමෙරිකන් ජනාධිපති බයිඩන්, ප්‍රංශ ජනාධිපති මැක්රොන් වර්ණනා කරමින් පැවැසීය. ද්වී පාර්ශ්වීය සබඳතා ශක්තිමත් කර ගැනීමට රාජ්‍ය නායකයන් දෙදෙනා අතරේ සාකච්ඡා පැවැත්විණි.
ඇමෙරිකන් සංචාරය ආරම්භ කරමින් ජනාධිපති මැක්රොන්, නාසා මූලස්ථානයට ගියේය. එම ගමනට ඇමෙරිකන් උප ජනාධිපතිනී කමලා හැරිස් ද එක් වූවාය. ඇමෙරිකාව සහ ප්‍රංශය අතර ඒකාබද්ධ අභ්‍යවකාශ කටයුතු සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා පැවැත්විණි.
(රොයිටර්)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ප්‍රංශ ජනපති මැක්රොන් ඇමෙරිකාවේ සංචාරයක