IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


ප‍්‍රංශ ජනපතිවරණයෙන් පැරදුණු සාර්කෝසි දේශපාලනයට සමුදෙයි

ප‍්‍රංශ ජනපතිවරණයෙන් පරාජයට පත් වූ ජනපති නිකලස් සාර්කෝසි දේශපාලනයෙන් ද සමුගන්නා බව ඊයේ (10) ප‍්‍රකාශ කළේය. සාර්කෝසි (57) මේ බව කියා සිටියේ ඊයේ පැරිස් නුවර පැවැති මාධ්‍ය හමුවකදීය. ”මා ජීවිතයට ආදරෙයි. මා මගේ බිරියට ආදරෙයි. පරාජය බාර ගනිමින් දේශපාලනයට සමු දෙන්න මා සූදානම්” යැයි හෙතෙම කියා සිටියේ ඉතා හැඟීම්බරවය. පසුගිය ඉරිදා (6) පැවැති ජනාධිපතිවරණයෙන් කොන්සවටිව් පක්ෂ නායක සාර්කෝසි පරදා ඉදිරියට පැමිණියේ සමාජවාදී පක්ෂ නායක ෆ‍්‍රන්සුවා  ඕලන්ද්ය. අවසන් ප‍්‍රතිඵලයට අනුව සාර්කෝසිට ලබා ගැනීමට හැකිවූයේ 48.44 ක ඡන්ද ප‍්‍රතිශතයකි.  ඕලන්ද් සියයට 51.56 ක ඡන්ද ප‍්‍රමාණයක් ලබා ගත්තේය. ඒ අනුව 1981 වසරෙන් පසු පිටපිට අවස්ථා දෙකකදී ජනපති ධුරය හෙබවීමට අපොහොසත් වූ ප‍්‍රංශ ජනපතිවරයා වන්නේ ද සාර්කෝසිය. 2007 වසරේදී ජනපති ධුරයට පත්වීමට පෙර සාර්කෝසි, ‘යූ.එන්.පී.’ පක්ෂ සාමාජිකයකු ලෙස ජැක් ෂිරාක් ජනපති ධුරය හෙබවූ ධුර දෙකේදීම අභ්‍යන්තර කටයුතු පිළිබඳ ඇමැතිවරයා ලෙසත් ආර්ථික කටයුතු ඇමැතිවරයා ලෙසත් කටයුතු කළේය. ජනපති ධුරයේ සිටිද්දී ඔහු 2008 වසරේ පෙබරවාරි දෙවැනි දා ප‍්‍රංශ/ඉතාලි කාන්තාවක මෙන්ම ගීත රචිකාවියක සහ නිරූපිකාවක ද වන කාර්ලා බෲනි සමඟ විවාහ වූයේය. 2007 වසරේ බලයට පත් වූ දා සිට අද වන තෙක්ම ඔහු අවස්ථා ගණනාවකදී ප‍්‍රංශ ජනතාවගේ අප‍්‍රසාදයට ලක් වූයේය. විදේශගතව සිදු කළ සංග‍්‍රාමවලදී ඇමෙරිකාවට සහ බි‍්‍රතාන්‍යයට සහාය පළ කරමින් ප‍්‍රංශය ද ඊට එක්විය. ඊට ප‍්‍රංශ වැසියන්ගෙන් දැඩි විරෝධයක් එල්ල විය. එපමණක් නොව සාර්කෝසිගේ සංක‍්‍රමණික ප‍්‍රතිපත්ති පවා ප‍්‍රංශ ජනතාවගේ  විරෝධයට හේතු විය. ඔහු ජනතාව අතරේ ආන්දෝලනාත්මක නායකයෙකු වූ අතර එය ඔහුගේ පරාජයට හේතු විය. 1981 වසරේ සිට 1995 තෙක් කාලයේ ප‍්‍රංශයේ ජනපති ධුරය හෙබවූ ජනපති ෆ‍්‍රන්සුවා මිතරෝන්ගෙන් පසු, සමාජවාදී පක්ෂ නායකයකු බලයට පත් වූ පළමු වැනි අවස්ථාව මෙයයි. ප‍්‍රංශ ජනපතිවරණයෙන් ජයගත් සමාජවාදී පක්ෂ නායක ෆ‍්‍රන්සුවා  ඕලන්ද් ලබන 15 වැනිදා ජනපති ධුරයේ දිවුරුම් දීමට නියමිතය. 2017 වසර වනවිට අයවැය පරතරය අඩු කිරීම සහ ආර්ථික සමතුලිතතාවක් ඇති කිරීම ජනපතිවරණයට පෙර සිට  ඕලන්ද් දුන් ඡන්ද පොරොන්දුය. ඒවා කි‍්‍රයාත්මක කිරීමේදී ඔහුට විශාල අභියෝගයක් වනු ඇතැයි දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති. යුරෝපයේ පවතින මූල්‍ය අර්බුදය හමුවේ 2008 වසරේ සිට මේ දක්වා සාර්කෝසි ඇතුළුව යුරෝපා රටවල රාජ්‍ය නායකයන් 11 දෙනකු මේ වනවිට ඉල්ලා අස්වී ඇතැයි විදෙස් පුවත් සේවා මතක් කර දෙයි. ප‍්‍රංශ අගමැති ධුරයට සමාජවාදී පක්ෂයේ කි‍්‍රයාකාරී සාමාජිකාවක වන මාර්ටීන්  ඕබ්රි පත් වීමට නියමිතව සිටින්නීය. ඇය දැඩිමතධාරී වාමාංශික දේශලානය කි‍්‍රයාකාරිනියක් ලෙස ද ප‍්‍රසිද්ධියට පත්ව සිටී.



අදහස් (0)

ප‍්‍රංශ ජනපතිවරණයෙන් පැරදුණු සාර්කෝසි දේශපාලනයට සමුදෙයි

අසංක Saturday, 12 May 2012 08:31 PM

ඕවා පැරිසීයේ, පිටකොටුවට ගැලපෙන්නේ නෑ (ස)

:       0       0

ශ්‍රීලාල් Saturday, 12 May 2012 03:46 AM

ඔබට සුභ පැතුම්! අපි දන්නවා ඔබ සාර්ථක පුද්ගලයෙක් බව

:       0       0

අසංක Saturday, 12 May 2012 10:56 AM

රනිල් මහත්තයත් මේවා ආදර්ශයට ගන්න ඕන.

:       0       0

මාධව Friday, 11 May 2012 03:34 PM

පව් සාර්කෝසි, පුළුළුන් කාලේ කීයක්වත් හම්බකර ගත්තද දන්නේ නෑ ජීවත් වෙන්න (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 94 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 32 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 737 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site