ප‍්‍රංශ ජනපතිවරණයෙන් ජයගත් සමාජවාදී පක්ෂ නායක ෆ‍්‍රන්සුවා ඕලන්ද් ලබන 15 වැනිදා ජනපති ධුරයේ දිවුරුම් දීමට නියමිතය.
1981 වසරේ සිට 1995 තෙක් කාලයේ ප‍්‍රංශයේ ජනපති ධුරය හෙබවූ ජනපති ෆ‍්‍රන්සුවා මිතරෝන්ගෙන් පසු, සමාජවාදී පක්ෂ නායකයකු බලයට පත් වූ ප‍්‍රථම අවස්ථාව වන්නේ මෙයයි.
ඕලන්ද්ගේ ඔහුගේ නව කැබිනට් මණ්ඩලයට හිටපු ප‍්‍රංශ අගමැතිවරයකු වන ලෝරන් සෙබියස් සහ තවත් නවක මන්තී‍්‍රවරුන් කිහිප දෙනකු පත් කිරීමට නියමිත යැයි වාර්තා වේ.
ජනපතිවරණයට පෙර සිටම ඕලන්ද් දුන් ඡුන්ද පොරොන්දු අනුව, 2017 වසර වෙද්දී අයවැය පරතරය අඩු කිරීම සහ ආර්ථික සමතුලිතතාවක් ඇති කිරීම ඕලන්ද්ට විශාල අභියෝගයක් වනු ඇතැයි දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති. යුරෝපයේ පවතින මූල්‍ය අර්බුදය හමුවේ 2008 වසරේ සිට මේ දක්වා සාර්කෝසි ඇතුළුව යුරෝපා රටවල රාජ්‍ය නායකයෝ 11 දෙනකු මේ වනවිට ඉල්ලා අස්වී ඇතැයි විදෙස් පුවත් සේවා මතක් කර දෙයි.
මේ අතර ඕලන්ද්ට සුබ පැතුම් එක් කරමින් ඇමෙරිකා ජනපති බැරැක් ඔබාමා ඔහුට ධවල මන්දිරයට පැමිණෙන්නැයි ද ආරාධනාවක් කර තිබේ.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ප‍්‍රංශ ජනපතිවරණයෙන් ජයගත් ඕලන්ද් 15 වැනිදා දිවුරුම් දෙයි