IMG-LOGO

ප්‍රංශයේ නයිස් නගරය සති අන්තයේ අගුලු දමයි

 

කොරෝනා රෝගීන් වැඩිවීම හේතුවෙන් ප්‍රංශයේ දකුණු දිග නයිස් නගරය සති අන්තයේ අගුලු දමා ඇති අතර සංචාරකයින්ට නගරයෙන් ඉවත් වන ලෙස නගරාධිපතිවරයා ඉල්ලා ඇතැයි වාර්තා වේ.

මේ වනවිට ප්‍රංශයේ වැඩිම කොරෝනා වයිරස රෝගීන් අනුපාතය වාර්තා වන්නේ නයිස් නගරයෙනි.

නගරයේ පදිංචිකරුවන් 100,000 ක් පමණ වෙසෙන අතර සතියකට රෝගීන් 740 ක් පමණ වාර්තා වන බව පැවසේ.

ප්‍රංශය පුරා සවස 6.00 සිට ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන නමුත් නයිස් නගරාධිපති ක්‍රිස්ටියන් එස්ට්‍රෝසි පවසන්නේ රෝග ව්‍යාප්තිය පාලනය සඳහා මීට වඩා දැඩි අගුලු දැමීමක් හෝ ඇඳිරි නීතිය දීර්ඝ කිරීමක් අවශ්‍ය බවයි.

පසුගිය නත්තල් සමයේ විශාල වශයෙන් සංචාරකයින් නගරයට පැමිණීම හේතුවෙන් ආසාදන අනුපාතය ඉහල ගිය බව එස්ට්‍රෝසි පැවසීය.

"මෙම සටන ජයගත් පසු එළඹෙන ගිම්හානයේදී සංචාරකයන් විශාල වශයෙන් බලාපොරොත්තු වෙමු. නමුත් දැන් එන්න එපා. මෙය නයිස් නගරයේ සංචාරයට සුදුසු කාලයක් නොවේ," යැයි නගරාධිපතිවරයා පැවසීය.

නගරයේ වයිරස මර්ධන ක්‍රියාමාර්ග දැඩි කිරීම සම්බන්දයෙන් රජය මේ සති අන්තයේ තීරණයක් ගනු ඇතැයි සෞඛය අමාත්‍ය ඔලිවියර් වේරන් පවසයි.

කෙසෙුවුවද රටපුරා බලපැවැත්වෙන ඇඳිරි නීතිය ලිහිල් කිරීම සඳහා කිසිදු තීරණයක් ගෙන නොමැති බවද හෙතෙම පවසයි.

(රොයිටර් පුවත් ඇසුරිණි)

085



අදහස් (0)

ප්‍රංශයේ නයිස් නගරය සති අන්තයේ අගුලු දමයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 97 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 492 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 259 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

Our Group Site