IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


ප්‍රංශයේ නත්තල් සල්පිලකට ත්‍රස්ත ප්‍රහාරයක්

සුනිල් ආනන්ද පැරීසියේ සිට
 
 
ප‍්‍රංශයේ ඊසාන දිග ජර්මනිය දේශ සීමාවට මායිම්ව යුරෝපා පාර්ලිමේන්තුව පිහිටි ස්ට‍්‍රාස්බෝර්ග් නගරයේ සිදුවූ වෙඩි තැබීමකින් දෙදෙනෙකු මිය ගොස් 11 දෙනෙකුට තුවාල සිදුවී ඉන් 6 දෙනෙකු ඉතාම අසාධ්‍ය තත්වයේ පසුවන බව පොලිසිය පවසයි. 
 
වෙඩි තැබූ පුද්ගලයා පැන ගොස් ඇති අතර ඔහුට ද ආරක්ෂක වෙඩි ප‍්‍රහාර වලින් තුවාල සිදුවී ඇතැයි ආරක්ෂක අංශ පවසයි. 
 
ස්ට‍්‍රාස්බෝර්ග් නගරයේ කෙලෙබර් වටරවුම,  ඕපෙරොව් මාවත හා සුප‍්‍රසිද්ධ නත්තල් වෙළඳ කළාපයට නුදුරින් මෙම වෙඩි තැබීම සිදුවී තිබේ.

වෙඩි තැබූ පුද්ගලයා හතර වටේ වෙඩි තබමින් දුවන විට ආරක්ෂාවට පැමිණි පොලිස් භටයන්ගේ ප‍්‍රහාර මැද්දේ පලා ගොස් ඇත. නගරයෙන් පිටවූ ඔහු පාරේ යන ටැක්සියක නැග වෙනත් ස්ථානයකින් බැස අතුරුදන් වී ඇත. 

ටැක්සි රියදුරාගෙන් ලබා ගත් තොරතුරු වලට අනුව වෙඩික්කරුට තුවාල සිදුවී ඇති බව පැවසේ. 

මේවන විටත් විශාල ආරක්ෂක භටයන් ප‍්‍රමාණයක් මුළු නගරයටම වට කර ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා සෝදිසි මෙහෙයුම් සිදු කරයි.  
 
වෙඩික්කරු ස්ට‍්‍රාස්බෝර්ග් ප‍්‍රදේශයේ උපන් අවුරුදු 29 ක් වයසැති ඉස්ලාම් අන්තවාදයට ගොදුරු වූ 2011 දී වසර දෙකක සිර දඬුවමක් විඳ ඇති ත‍්‍රස්තවාදි ක‍්‍රියාවකට සම්බන්ධ විය හැකි පුද්ගලයකු ලෙස ප‍්‍රංශ රහස් ඔත්තු සේවයේ ලැයිස්තු ගත ආරක්ෂක අංශ ඇස ගසා ගෙන සිටි පුද්ගලයකු බව ප‍්‍රංශ ආරක්ෂක අංශ හෙළි කර ඇත. 
 



අදහස් (0)

ප්‍රංශයේ නත්තල් සල්පිලකට ත්‍රස්ත ප්‍රහාරයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 770 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2411 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1761 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site