බීජිංහිදීය(ඒ.එෆ්.පී)
පිරමීඩ යෝජනා ක්‍රමයකට සම්බන්ධ යැයි සැකකෙරෙන පුද්ගලයන් 230 දෙනකු අත්අඩංගුවට ගැනීමට චීන පොලිසිය අද (31) අද කටයුතු කළේය.
“ෂෑන්සින්හුයි” එසේත් නොමැතිනම් “පරමාර්ථකාමී විනිමය” යනුවෙන් එම යෝජනා ක්‍රමය නම් කර තිබෙන අතර ඒ සම්බන්ධයෙන් චීන පොලිසිය විමර්ශන පවත්වයි. එම යෝජනා ක්‍රමයේ නිර්මාතෘ ලෙස හැඳින්වෙන් ෂෑන්ග් ටියැන්මින්ග් පුද්ගලයකු සහ තවත් සේවකයන් කිහිපදෙනකු මේ මස මුලදී අත්අඩංගුවට පත්වූ බව ද පොලිසිය සඳහන් කළේය.
කෙසේ නමුත් එම යෝජනා ක්‍රමයේ සේවකයන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් එම යෝජනා ක්‍රමයට සම්බන්ධ දිය ගණනක් චීනයේ අගනුවරට රැස්වී විරෝධතාවක ද නියැලුණහ. යෝජනාක්‍රමය සම්බන්ධයෙන් කෙරෙන විමර්ශන නවත්වන්නැයි චීන ජනාධිපති ෂී ජින්පින්ග්ගෙන් එම පිරිස සටන්පාඨ කීහ. මෙම යෝජනාක්‍රමය නීත්‍යානුකූල යෝජනාක්‍රමයක් යැයි ද ඔවුහු පැවැසූහ.
අත්අඩංගුවට පත්වූ 230ගෙන් 142 දෙනකුට අපරාධ චෝදනා එල්ල වී තිබේ. මෙම යෝජනාක්‍රමයට සමාගම් 50ක් සම්බන්ධ යැයි ද ඒ සම්බන්ධයෙන් ද විමර්ශනය කරන්නේ යැයි ද පොලිසිය සඳහන් කළේය.
පසුගිය වසර කිහිපයේදී චීනය තුළ පිරමිඩ යෝජනා ක්‍රම බොහෝ ජනප්‍රිය වී තිබෙන අතර සමාජ මාධ්‍ය ඔස්සේ එම ක්‍රම වඩාත් ජනප්‍රිය වී තිබේ. චීන පොලිසිය 2016 වසරේදී පිරමීඩ යෝජනා ක්‍රම 2,826ක් සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කළ අතර එය 2015 වසරට වඩා සියයට 20ක වැඩි වීමක් යැයි චීනයේ මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශය නිවේදනය කළේය.
(055)
2025 නොවැම්බර් මස 04
695
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2366
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1734
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පිරමීඩ යෝජනා ක්‍රමයට සම්බන්ධ 230ක් චීන පොලිසියෙන් අත්අඩංගුවට