ප‍්‍රබල භූමි කම්පා මාලාවකින්, උතුරු දිග ඉතාලිය ඊයේ (29) දෙදරා ගිය අතර පුද්ගලයෝ 15 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
බිමට සමතලා වූ ගොඩනැගිලි සහ නිවාස අතරේ සිරවූවන් සෙවීමේ මෙහෙයුම් කඩිනමින් ආරම්භ කෙරුණු අතර 50 කට අධික පිරිසක් තුවාල ලබා රෝහල් ගත කළ බව රෝහල් ආරංචි මාර්ග වාර්තා කළේය.
භූමි කම්පාවල අපිකේන්ද්‍ර පිහිටියේ මොඬේනා පළාතේ පර්මා නගරයේ සිට කිලෝ මීටර් 60 ක් දුරිනි. ජීවිත හානි බොහොමයක් වාර්තා වන්නේ ද පර්මා නගරයෙනි.
හටගත් භූ කම්පන අතරින්, ප‍්‍රබලතම භූ කම්පනය ලෙස රික්ටර් මාපකයේ සටහන් වූයේ ඒකක 5.8 ක් සටහන් කළ භූමි කම්පාවකි. ජීවිත සහ දේපොළ හානි බහුලව සිදුවූයේ එම භූමි කම්පාවෙනි.
ඊයේ හට ගත්තේ ඉකුත් 20 වැනිදා මොඬේනා පළාතේ හටගත් රික්ටර් මාපකයේ ඒකක 6 ක ප‍්‍රබලත්වයක් සටහන් කළ භූමි කම්පාවේ පසු කම්පන යැයි ඉතාලි භූ විද්‍යාඥයෝ පෙන්වා දෙති. ඉදිරියටත් තවත් පසු කම්පන ඇතිවිය හැකි යැයි ද භූ විද්‍යාඥයෝ අනතුරු ඇඟවීම් කළහ.
මීට අමතරව පර්මා නගරයට නුදුරින් පිහිටා ඇති මෙඬේනා, බොලොනා සහ ෆර්රාරා යන නගරවලින් ද මරණ වාර්තා වේ. මරණ සංඛ්‍යාව තවත් ඉහළ යෑමේ අවදානමක් ඇතැයි සහන සේවා නිලධාරීහු බිය පළ කරති.
ඉකුත් 20 වැනිදා මොඬේනා පළාතේ හටතත් භූමි කම්පාවෙන් හය දෙනෙකු මියගිය අතර සිය ගණනකට උන්හිටිතැන් අහිමි විය.
2025 දෙසැම්බර් මස 18
163
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
957
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ප‍්‍රබල භූ කම්පන මාලාවකින් ඉතාලිය කැළැඹේ: 15 ක් මරුට
ප්‍රීති Thursday, 31 May 2012 12:52 AM
ලොව කිසිවක් සදාකාලික නැත
සුදු Thursday, 31 May 2012 05:37 PM
අපි ඉන්නේ මෝදනා නගරයේ එළියේ කූඩාරම් වලට වෙලා හරිම බයෙන්.කවද ඉවර වෙයිද දන්නේ නෑ