IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


පියවරුන් අහිමි දියණියන්ට නත්තල් දා මංගල සීනු

පියවරුන් අහිමි දියණියන් විශාල පිරිසක් විවාහ කරදුන් පුවතක් ඉන්දියාවෙන් වාර්තා වේ. 

දැවැන්ත විවාහ මංගල්‍යයක් පවත්වමින් එම තරුණියන් විවාහ කර දී තිබෙන අතර ඒ සියලු වියහියදම් දරා ඇත්තේ ඉන්දියාවේ කෝටිපති දියමන්ති ව්‍යාපාරිකයකු වන මහේෂ් සවානිය. 

පසුගිය අට වසරක කාලයේදී මහේෂ් සවානි එලෙස තරුණියන් 3,000කට වැඩි පිරිසක් විවාහ කර දී ඇතැයි පැවසේ. 

තරුණියන් විවාහ කරදීම දෙවියන්ගෙන් ලැබෙන ආශීර්වාදයක් යැයි විශ්වාස කරන මහේෂ් සවානි ගුජරාට් ප්‍රාන්තයේ සුරාත් නගරයේ වෙසෙන පියවරුන් අහිමි තරුණියන් විවාහ කර දී ඇත. ඔහු මෙම ක්‍රියාව ආරම්භ කර ඇත්තේ 2010 වසරේදී වන අතර එතැන් පටන් සෑම වසරකදීම එලෙස තරුණියන් විවාහ කර දී ඇත. 

මෙවර විවාහ මංගල්‍යය උත්සවයේදී තරුණියන් 261 දෙනකු විවාහ කර දී තිබෙන අතර ඊට මුස්ලිම් තරුණියන් හය දෙනකු සහ ක්‍රිස්තියානි තරුණියන් තිදෙනකු අයත් යැයි ද ඊට ගුජරාට් ප්‍රාන්තයේ මහ ඇමැති විජේ රූපානීගේ ආශීර්වාදය හිමි වූ බව ද ඉන්දියාවේ ඩී.එන්.ඒ. ඉන්දියා පුවත් සේවය වාර්තා කර තිබිණි. 

වෙනත් අයකුගේ දියණියක විවාහ කර දීමේදී ‘කන්යඩාන්’ නැමැති හින්දු ආගමික චාරිත්‍රයක් අනුගමනය කරන අතර මහේෂ් සවානි, ඉන්දීය පරිපාලන සේවයේ නිලධාරීන් කිහිපදෙනෙක් සහ පොලිස් නිලධාරීන් ද එක්ව එම චරිත්‍රය ඉටු කළහ. 

අලුත විවාහ වූ යුවළවලට ඔවුන්ගේ ජීවිත ආරම්භ කිරීමට සඳහා ගෘහ උපකරණ ලබාදුන් අතර සෑම යුවළකටම ඉන්දීය රුපියල් 200,000 රක්ෂණාවරණයක් ද ප්‍රදානය කරන ලදි. මීට පෙර වසරවලදී මහේස් සවානි ඉන්දීය රුපියල් 500,000 මුදල් ත්‍යාග ලබාදුන් බව ද පැවසේ. 

මෙම දැවැන්ත විවාහ මංගල්‍යය උත්සවය නත්තල් දින පැවැත්විණි. එදින විවාහ වූ තරුණියන් 261 දෙනාගෙන් 118 දෙනකුට සහෝදර සහෝදරියන් නොමැති බව පැවසෙන අතර 54 දෙනකු අනත් දරුවන් යැය ද පැවසේ. 

තමන්ගේ විවාහය සිදු කරගැනීමට නොහැකි තරුණියන්ට උදවු උපකාර කිරීම සමාජ වගකීමක් ලෙස තමන්ට දැනෙන බව මහේෂ් සවානි මීට පෙර පවසා තිබිණි. 

ඉන්දියාවේ විවාහ මංගල්‍යය උත්සවය යනු දැවැන්ත මුදල් වියදම් වන උත්සව මාලාවකි. එහිදි මනාලියගේ පවුල මනාලයාගේ පවුලට මුදල් සහ ත්‍යාග ඇතුළත් විශාල දෑවැද්දක් ගෙවීම සම්ප්‍රදායයි. 

එම තත්ත්වය මත දියණියගේ විවාහයේ සියලු බරපැන දරන්නේ පියාය. දියණියගේ පියා මියගොස් හෝ අතිශය දුප්පත් නම් දියණිය විවාහ වීමේ අවස්ථාව ඉතාම සීමිතය. ඇතැම් විට බොහෝ දියණියන් විවාහ නොවන අවස්ථා වැඩිය.

තම ඥාතියකු මියගිය පසු 2008 වසරේදී මෙලෙස පුණ්‍ය හා ත්‍යාගශීලි වැඩසටහන් ආරම්භ කළ බවත් දියණියන්ගේ විවාහ සංවිධානය තමන්ට වගකීමක් ලෙස පැවැරුණු බවත් මහේෂ් කීවේය. එතැන් පටන් මේ දක්වා කාලයේදී මහේෂ් සවානි තරුණියන් 3,172 දෙනකු විවාහ කර දී ඇත. 

ඬේලිමේල් ඇසුරිනි 

055

 



අදහස් (0)

පියවරුන් අහිමි දියණියන්ට නත්තල් දා මංගල සීනු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 775 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2414 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1761 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site