IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


පාප්තුමා ගිලානෝපානස්ථානයේ

රෝමයේ සෙන්ට් පීටර්ස් චතුරස්ර යේ දී බදාදා  පැවැති දේව මෙහෙයේදී  ෆ්රැතන්සිස් පාප්තුමා ගඩු සහිත මිනිසකු කිසිම පිළිකුලක් නොමැතිව සිප වැළද තම යාඥාවට එකතු කරගත්තේය.

පාප්වහන්සේ දේවමෙහෙය අවසානයේ රෝගීන්ට ආශීර්වාද කරන අවස්ථාවේ මෙම රෝගියා සිය මුහුණ ආවරණය කරගෙන පාප්වහන්සේ අසළට පැමිණ ඇත.

 රෝගියා කලාතුරකින් ඇතිවන රෝගයක් වන නියුරෝෆිබ්රෝමැටෝසිස් රෝගයෙන් පෙළෙන්නෙකි. එය දුර්ලභ රෝගයක් වන අතර එහිදි වායු ගෙඩි, අන්ධභාවය ඇතිවන අතර  සමහර අවස්ථාවන් වල පිළිකාවන්ද ඇතිවිය හැක. මෙම රෝගයට ගොදුරු වන්නන් අලි මිනිසුන් යන නමින් හැඳින්වේ.

පාප්වහන්සේ මෙම පුද්ගලයා බදාගත් අතර පාප්වහන්සේගේ දයාව හා කරුණාව  බොහෝදෙනෙකුගේ ඇගයීමට ලක්විය.

පාප්වහන්සේගේ මෙම ක්‍රියාව 13 වන සියවසේ විසූ අසීසියේ ශෘන්ත පාප්වහන්සේගේ ක්‍රියාවට සමානය.එහිදි පාප්වහන්සේ විසින් ලාදුරු රෝගියෙකු සිපගත් බව කියති. 

පළමු වැනි ෆ්‍රැන්සිස් පාප්තුමන් ලෙස තමා හඳුවන්නැයි එතුමන් තීරණය කළේ, 13 වැනි සියවසේ ඉතාලියේ ෆ්‍රැන්සිස්කන් නිකායේ පුරෝගාමී අසීසයේ ශාන්ත ෆ්‍රැන්සිස් පාප්තුමන්ට ගරු කරමිනි. අසීසයේ ශාන්ත ෆ්‍රැන්සිස් පාප් තුමන් ද දුප්පතුන් වෙනුවෙන් කැපැවී කටයුතු කළ අයෙකි.

 



අදහස් (0)

පාප්තුමා ගිලානෝපානස්ථානයේ

අරුණි Thursday, 07 November 2013 11:11 PM

මේ නියම ක්‍රිස්තු ආදරය ප්‍රදර්ශනය කිරීමක් සෑම කිතුනුවෙකුම මෙතුමා අනුගමනය කරනවානම් ඔබට නියම කිතුනුවෙකු වී ලොවටම සාමය සහ ආදරයේ නිදසුනක් තැබිය හැකි වේවි (දී)

:       0       0

අනේ මන්ද Thursday, 07 November 2013 11:11 PM

ලෝකෙටම ආදර්ශයක් දෙවියන් වන්සේට ප්‍රසංශා වේවා (දී)

:       0       0

තෙශාන් Thursday, 07 November 2013 11:13 PM

ඔබවහන්සේට දෙවි පිහිටි!! (දී)

:       0       0

සුමිත් Saturday, 09 November 2013 11:13 AM

මෙවන් උතුම් නායකයෙක් තමඊ ශ්‍රී ලංකාවට සම්ප්‍රත්ත වෙන්න යන්නේ, අපි ආගම් බේදයකින් තොරව එතුමන්ව පිළිගත යුතුයි. (අ)

:       0       0

ඇෆ්ගන් සිසිර Friday, 08 November 2013 10:17 AM

මම බුද්ධාගමේ ,,,,පාප් තුමනි, ඔබ වහන්සේ වැනි ආගමික නායකයෝ, තව තවත් ලෝකයට බිහිඋනොත් ලෝකවාසී අපි සැවොම වාසනාවන්ත වෙනවා.ඔබ වහන්සේට දීර්ඝායුෂ. (ස)

:       0       0

කපිල Friday, 08 November 2013 05:16 PM

ඇසට කදුළු ආවා පියතුමනි (නි)

:       0       0

බෙනට් Sunday, 10 November 2013 09:13 AM

දෙවියන්ගේ බැල්මෙන් නිසැකයෙන්ම මේ රෝගියා ඉක්මනින්ම හොඳ වෙනවා .පාප් වහන්සේ ජේසු තුමාගේ වෙනුවට කල අනර්ග ක්‍රියාවක් ...(නදී)

:       0       0

බෙනට් Sunday, 10 November 2013 09:14 AM

අපිටත් ඉන්නවා හොඳ නායකයෙක්.(නදී)

:       0       0

ගාමිණි Thursday, 07 November 2013 11:53 PM

ඔබවහන්සේට නය ගැති වෙමු ....සියලු රෝගීන්ට ඉක්මන් සුවය පතමු ..(දී)

:       0       0

ජීවන් Friday, 08 November 2013 05:41 PM

ඔබවහන්සේට දෙවි පිහිටයි! (නි)

:       0       0

චන්දන Saturday, 09 November 2013 01:26 PM

මනුසත් බව විශිෂ්ඨ මෙම ක්‍රියාව මට බුදු දහම නැවත මෙනෙහි කරවනවා (අ)

:       0       0

හසරැල් Saturday, 09 November 2013 01:07 AM

මෙතුමා ඇත්ත කිතුනු වගකීම ගැන ආදර්ශයක් දෙනවා. ක්‍රිස්තියානි ආගම සහ ඉහළ තනතුරු අපිට තිබෙන "ආභරණ" නෙමෙයි, අන් අයට සේවය කරන්න අපිට ලැබෙන දේවල් කියො මේ පාප් තුමා කරලාම පෙන්නනවා. ඔබට ජේසු පිහිටයි. (නි)

:       0       0

එඩී Sunday, 10 November 2013 05:03 PM

පාප් තුමනි, ඔබට මගේ ගෞරව ආදරය පුදමි. එලෙසම එතුමාගේ ක්‍රියාව පසසමින් මෙහි අදහස් පල කල සැම ආගම්වල හිතවතුන් එම ක්‍රියාව අගය කිරීම වඩාත් අගයමි.(නදී)

:       0       0

මොහමඩ් Sunday, 10 November 2013 11:41 AM

හොද ආදර්ශයක් (නි)

:       0       0

තක්ෂිලා මදුභාෂිනි Friday, 08 November 2013 01:25 PM

අපි එදා කැරොල් වොයිතිල්ල පාප් වහන්සේට ආදරේ කලා වගේ ඔබ වහන්සේටත් ආදරෙයි.ඔබ වහන්සේගේ දයාව කරුණාව මුලු ලෝකය පුරාම පැතිරේවා... ආමේ%

:       0       0

ෆීනා Friday, 08 November 2013 01:31 PM

ශ්‍රේෂ්ට ක්‍රියාවක්. දෙවි පිහිටයි ඔබ තුමාට. සුබ දසුන්. (ස)

:       0       0

ප්‍රබත් පෙරේරා Friday, 08 November 2013 01:35 PM

මට කියන්න වචන නැහැ. ඔබ වැනි නායකයොත් මෙලොව ඉන්න එකම අපේ ලබපු වාසනාවක් පාප තුමෙනි.මේ මොහොතෙත් මගේ ඇස දෙකේ කදුළු ගලනවා.මෙවන් ආගමික නායකයෙක් ලැබිමත් අපේ ලොකු භාග්‍යක්.... (ස).

:       0       0

අමිල කටුනායක Saturday, 09 November 2013 03:25 PM

මේ කුෂ්ඨ රෝගියා මා වුනා නම් මා කෙතරම් වාසනාවන්තද? (නදී)

:       0       0

අතපත්තු Friday, 08 November 2013 01:46 PM

මෑත කාලයේ බිහිවුන උත්තරීතර, ආගම් නායකයෙක් ඔබ තුමා.ඔබේ කරුණාවන්තකම ලොවටම ආදර්ශයක් වේවා.මා බෞදයෙක් උනත් ඔබට හිස නමා ගෞරව කරමි. (ස)

:       0       0

ශලි Saturday, 09 November 2013 10:52 PM

දෙවියන් වහන්සේට ප්‍රශංසවේවා

:       0       0

චාමික Friday, 08 November 2013 01:51 PM

අපේ හාමුදුරුවොන්ටත් ආදර්ශයක් ගත හැකි අවස්ථාවක් මෙය. බුදුරජාණන් වහන්සේත් පුතිගත්ත තිස්ස තෙරුන් වන්සේට උපස්ථාන කළා. ගිලනුන්ට උපස්ථාන කිරීම බුදුන්ට උපස්ථාන කළා වගේ කියල උන්වහන්සේ වදාරලා තියෙන්නේ. (ස)

:       0       0

ධනංජය Friday, 08 November 2013 02:11 PM

අපේ රටේ අයත් මෙහෙම උනා නම්, අපි කොච්චර වාසනාවන්තද? (ස)

:       0       0

රෝයි Friday, 08 November 2013 02:27 PM

මගේ හදවතටත් ආදරයක් කරුණාවක් ඇති වුනා මේ පිංතූරය දැකලා කියවද්දි. තෙරේසා මවුතුමිය අපේ හදවත් වල සදාකාලිකයි. ඒ පිරි ඉතිරි පිටාරා ගැලු මිනිස්කමත්, ආදරයත් කරුණාවත් නිසා, ෆ්රැන්සිස් පාප් තුමනි, ඔබ තුලිනුත් මා එය දකිනවා, ආඩම්බරයි අපිට. (ස)

:       0       0

නිරෝෂන් චමින්ද Friday, 08 November 2013 02:28 PM

ඔබ වහන්සේට ශුද්ධ ආත්මය ලැබේවා...!! ඔබගේ ප්‍රේමයෙන් රෝගින් සුව වේවා..!!! ඔබ වහන්සේට ජේසු පිහිටයි...!!! (ස)

:       0       0

මලිති Friday, 08 November 2013 05:08 AM

හරිම ආදරය හිතෙන පින්තූරයක්.මගේ ඇස්දෙකට කඳුළු අවා. ඔබ වහන්සේ ජීවමාන දෙවි කෙනෙක්. (නි)

:       0       0

සිරා Friday, 08 November 2013 02:33 PM

මෙන්න නායකයෝ තමන් අනුන්ට කියලා විතරක් නෙමේ, තමන් කරලා අනෙක් අය‍ට ආදර්ශය දෙන්නේ. අපේ රට කවදා මේ වගේ වෙයිද ???? (ස)

:       0       0

රන්බණ්ඩා Friday, 08 November 2013 07:48 PM

ආශිර්වාද වේවා මා හිමියනි, ලොවටම සුවය ගෙනදුන් මැනවි (නි)

:       0       0

ඉන්දු මෙල්බෙර්න් Sunday, 10 November 2013 01:27 AM

මම බෞද්ධයෙක්, ඔබ වහන්සේගේ මේ ක්‍රියාව දුටුවම මට හිතුනා මේ ලෝකයේ තියෙන්නේ එකම ආගමක් නේද කියලා. ඔබවහන්සේට දීර්ඝායුෂ ! (නි)

:       0       0

අමිල කටුනායක Friday, 08 November 2013 07:13 AM

එතුමා අපේ කාලයේ ජේසු චරිතයයි. තෙරේසා මවුතුමිය වගේ රත්තරන් හදවතක් තියෙන්නේ (නි)

:       0       0

අමිල කටුනායක Friday, 08 November 2013 07:18 AM

මෙතුමා ලොවටම ආදර්ශයක් (නි)

:       0       0

හසරැල් Friday, 08 November 2013 07:42 AM

මෙතුමා ඇත්තටම ජේසුතුමන්ගේ මාර්ගය අනුගමනය කරන පාටයි. දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා! (නි)

:       0       0

නෙතුමි Friday, 08 November 2013 08:09 AM

හරි ආඩම්බරයක් දැනෙනවා මෙවැනි උතුම් ගතිගුණ දැකීමෙන් (නි)

:       0       0

මිලාන් Friday, 08 November 2013 08:48 AM

මෙන්න නියම ආගමික නායකයෝ (නි)

:       0       0

ලංකා Friday, 08 November 2013 09:19 PM

වඩාත් සතුටක් ලැබුනා අදහස් කියෙවුවම. ඔක්කොම එකම ව‍ගේ අදහස් (නි)

:       0       0

ගුණේ Friday, 08 November 2013 08:56 AM

"දෙවියන් වහන්සේට" ප්‍රශංසා වේවා! මේ ලොවේ පවතින හැම ආගමකින්ම සිදුවන්නේ, ලෝකයේ පැවැත්ම සදහා තම ආගමික නීති රාමුවක් තුළ සැමත් සමග දුක-සැප,ආදරය-කරුණාව,දයාව-ප්‍රේමය බෙදාගනිමින් ජිවත්වීමට කියාදීමයි. පාප්තුමනි, එය ඉතා ඉහළින් ඔබගෙන් සිදුවන බව ඔබගේ ජිවතය තුළ අපි දකිමු. ඔබතුමාගේ මේ උතුම් ක්‍රියාව ලෝක ආගම් නිකායවල ආගමික නායකයන්ට ඉතා උතුම් ආදර්ශයක්. ඔබට "දෙවියන් වහන්සේගේ" කරුණා දයාව වැඩි වැඩියෙන් ලැබේවා! මේ පාපයෙන් පිරි ගමන් කරන්නාවූ ලෝක සමාජයේ දිශාව වෙනස් කරන්නට වරම් ලැබේවා! ඔබට "ජේසු පිහිටයි." (නි)

:       0       0

ජයා Friday, 08 November 2013 09:09 AM

සැබැවින්ම ජේසු අනුගාමිකයා සහ කතෝලික සභා නායකයා වන ඔබ වහන්සේට ජේසු පිහිටයි. (ස)

:       0       0

දම් Sunday, 10 November 2013 06:42 AM

මමත් බොදු ආගමිකයෙක්.ඔබ වැන්නවුන් මගේ රටේ සිටී නම්.... (නි)

:       0       0

නදීෂාන් Friday, 08 November 2013 04:28 PM

දෙවියන් වහන්සේට සියල්ල කලහැකිය.(නදී)

:       0       0

නදීෂාන් Friday, 08 November 2013 04:31 PM

ආරයක මහිමේ........ (ස)

:       0       0

ක්‍රිස් Thursday, 07 November 2013 10:33 PM

ඔබ තුමා නියම ආගමික නායකයෙක් (දී)

:       0       0

නිෂාන්ත Friday, 08 November 2013 09:36 AM

ලෝකෙටම ආදර්ශයක්. දෙවියන් වන්සේට ප්‍රසංශා වේවා !! (ස)

:       0       0

තක්ෂිලා Friday, 08 November 2013 10:28 PM

මුළු ලොවටම සාමය පතුරුවාලිය මැනවි (නි)

:       0       0

සමන් Friday, 08 November 2013 09:37 AM

ජේසුනි මම වෙනස් උනා. (අලේ ලුයා) (ස)

:       0       0

මනෝජ් ප්‍රනාන්දු Saturday, 09 November 2013 06:24 PM

ඔබ තුමාගේ මෙම ක්‍රියාව නිසා,කතෝලිකයකු වීම අපටත් මහත් ආඩම්බරයක් .... ජේසු පිහිටයි !!!!(අ)

:       0       0

ප්‍රදීප් Friday, 08 November 2013 10:50 PM

ජේසු ජීවමානයි! ඔබ සැමට සාමය වේවා! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 42 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2004 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1557 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site