IMG-LOGO

පාප්තුමාගේ අවසන් කටයුතු 26 වැනිදා

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවසන් කැමැත්තට අනුව, එතුමන්ගේ අවසන් කටයුතු සිදුවනු ඇතැයි වතිකානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. පාප්තුමන්ගේ අවසන් කටයුතු ලබන 26 වැනි සෙනසුරාදා දින සිදු කරන බව ද වතිකානය නිකුත් කළ නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වෙයි.

සාමාන්‍යයෙන් පාප්තුමකුගේ අවමංගල කටයුතු වඩාත් විචිත්‍රවත්ව සාම්ප්‍රදායිකව සිදු කෙරෙන අතර, ඉතා චාම් සරල දිවි පැවැත්මකින් හෙබි පළමු ෆ්‍රැන්සිස් පාප් තුමන් ඉල්ලා ඇත්තේ ඔහුගේ අවමංගල කටයුතු ද ඉතා චාම් අයුරින් සිදු කරන ලෙසය.

මෙතෙක් සිටි සෑම පාප් වහන්සේවරයෙකුම මිහිදන් කර ඇත්තේ සයිප්‍රස්, ඊයම් සහ ඕක්වලින් සෑදු මිනී පෙට්ටියක වුවත්, පළමු වැනි ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ඉල්ලා ඇත්තේ, සරල ලී පෙට්ටියක් තමන්ගේ දේහය තැන්පත් කරන ලෙසය.

ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය මිහිදන් කිරීමට ද නියමිතව ඇත්තේ උන් වහන්සේ වඩාත් ප්‍රිය කළ රෝමයේ ශාන්ත මරියා මැජියෝරේ බැසිලිකාවේ දීය. ඒ, සියවසකට අධික කාලයක් පැවති සම්ප්‍රදාය වෙනස් කරමින්ය. ශාන්ත මරියා මැජියෝරේ බැසිලිකාව වතිකාන භූමියෙන් පිටත, ඉතාලියේ රෝම අගනුවර ටර්මෙනි ප්‍රධාන දුම්රියපොළ අසළ පිහිටා ඇති නමුත්, එම භූමියේ හිමිකම පවතින්නේ වතිකානය සතුවය.

(ඒ.එෆ්.පී.)



අදහස් (0)

පාප්තුමාගේ අවසන් කටයුතු 26 වැනිදා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 32 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 606 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 125 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site