IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


පන්ජාබ් ජනමාධ්‍ය ඇමැති ‘අශ්ලීල’ දැන්වීම් පුවරු ප්‍රදර්ශනය තහනම් කරයි

ඉස්ලාමාබාද්හිදීය (රොයිටර්)

‘අශ්ලීල’ චිත්‍රපට දැන්වීම් පුවරු ප්‍රදර්ශනය කිරීම තහනම් කරන බව පාකිස්තානයේ පන්ජාබ් ප්‍රාන්තයේ නව ජනමාධ්‍ය අමාත්‍ය ෆයාස් උල් හසන් චෝහාන් නිවේදනය කර ඇත. 

මේත් සමඟ පාකිස්තානයේ නව අගමැති ඉම්රාන් ඛාන් යටතේ දැඩි ඉස්ලාමීයවාදී දේශපාලනඥයන් වර්ධනය වීමේ අවදානමක් ඇති වී තිබේ.

ඉස්ලාමීය දේශපාලනඥයකු වන ෆයාස් උල් හසන් චෝහාන් පන්ජාබ් ප්‍රාන්තයේ නව ජනමාධ්‍ය අමාත්‍යවරයා වශයෙන් පත්වූයේ පසුගිය සතියේදීය.

ප්‍රාන්ත ජනමාධ්‍ය අමාත්‍යධුරයට පත්වීමෙන් පසු චෝහාන් 2011 වසරේ දී පන්ජාබ් ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා ඝාතනය කළ බවට චෝදනා ලැබ සිර දඬුවම් නියම වී සිට මියගිය පුද්ගලයාගේ සොහොනට ගියේය. ඊට පසු පාකිස්තානයේ ජනප්‍රිය ගායිකාව හා නිළියක වන නාර්ගිස් සම්බන්ධයෙන් දැඩි විවේචනයක් කළේය. ඔහුගේ මේ ක්‍රියාකලාපය විපක්ෂ කණ්ඩායම්වල විවේචනයට ලක්ව තිබිණි. 

“පන්ජාබ් ප්‍රාන්තයේ සිනමා ශාලාවක හෝ වෙනත් තැනක අසභ්‍ය හෝ අශ්ලීල හෝ විශාල දැන්වීම් පුවරු තිබුණොත් ඒවා ඉවර කරන්න දවස් තුනක් දෙනවා ඒ දවස් තුන ඇතුළත ඉවත් කළේ නැතිනම් දඩයක් ගෙවන්න වෙනවා. එසේ දඩය ගෙව්වේ නැතිනම් සිනමා ශාලාව වසා දමනවා” නැගෙනහිර ලාහෝරයේ නගරයකදී මහජනතාව අමතමින් චොහාන් ඒ බව පැවැසීය. 

“අඩ නිරුවත් ගැහැණුන්ගේ ඡායාරූප මුද්‍රණය කර විශාල දැන්වීම් පුවරුවල දාන්නේ මොන මනුෂ්‍යත්වය ද ?” හෙතෙම ප්‍රශ්න කළේය. 

ඉම්රාන් ඛාන්ගේ මැතිවරණ ජයග්‍රහණයට ඉස්ලාමීය පක්ෂවලින් විශාල සහයෝගයක් හිමිවිය. ‘ජමාත් ඊ ඉස්ලාමි පාකිස්තානි’ පක්ෂය නියෝජනය කරමින් චොහාන්, ඉම්රාන් ඛාන්ගේ තරීක් ඊ ඉන්සාෆ්, යුක්තිය සඳහා වූ ව්‍යාපාරයට එක්විය.

“මෙය පැහැදිලිව සංස්කෘතික පොලිසියක ලක්ෂණයක්” යැයි වාමාංශික දේශපාලනඥයකු හා අයිතිවාසිකම් වෙනුවෙන් පෙනි සිටින ක්‍රියාකාරිකයකු වන අමාර් රෂීඞ් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේය. 

වත්මන් සිදුවීමම් සැලකිල්ලට ගැනීමේදී දැඩි ඉස්ලාම්වාදී ස්වරූපයක් වර්ධනය වෙමින් තිබෙන බියක් ඇතැයි ද ඇතැම් පිරිස් පෙන්වාදෙති.

055

 



අදහස් (0)

පන්ජාබ් ජනමාධ්‍ය ඇමැති ‘අශ්ලීල’ දැන්වීම් පුවරු ප්‍රදර්ශනය තහනම් කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 774 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2414 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1761 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site