IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


පාදයක් කපා කඳු නගින්නා බේරා ගනී

දකුණු අපි‍්‍රකාවේ මැගෙලිස්බර්ග් කඳුපන්තිය තරණය කරමින් සිටි කඳු නගින්නෙකු පය වාරු නැතිව පහළට ඇදවැටී ගල් දෙබුක්කාවක සිරවී සිටියේය. පාදයක් කපා ඔහු බේරා ගැනීමට සහන සේවකයින්ට සිදුවිය.

ටෙන්සොලෝ රසෙලෝ නම් වන මේ කඳු නගින්නා දෙබොක්කාවේ සිරවී දින දෙකකට ආසන්න කාලයක්  ගතකර ඇතැයි සඳහන්ය.අනතුර සිදුවූ වහාම ඔහු තම ජංගම දුරකථනයෙන් සහන සේවකයින් අමතා ඇතත් රසෙලෝ සිරවී සිටි ස්ථානයට ඔවුන්ට ළගා වීමට හැකිව ඇත්තේ ඇමතුම ලැබී පැය 50 කට පමණ පසුවය.

රසෙලෝ නිරුපද්‍රිතව පිටතට ගත නොහැකිව සහන සේවකයෝ ලත වෙමින් සිටියදී රසෙලෝම ඉදිරිපත්ව තම කකුල කපා හෝ තමන් මෙතැනින් ඉවත් කරගෙන යන්නැයි ඉල්ලා සිටියේය.

දින දෙකක් තිස්සේ කෑමට හෝ බීමට කිසිත් නැතිව ඔහු සිට ඇත්තේ පීඩාවට පත්වය.

සහන සේවකයින් අතර සිටි ශල්‍ය වෛද්‍යවරයෙක් ඉදිරිපත්ව රසෙලෝගේ කකුල කැපීමේ සැත්කම සිදුකළේය.අනතුරුව රසෙලෝ හෙලිකොප්ටරයක නංවාගෙන ළගම පිහිටි රෝහල වෙත ගෙන යනු ලැබිණි.

රසෙලෝගේ කතාව 2003 වසරේ ඇමරිකාවේ ඌටා ප‍්‍රාන්තයේ කදු පන්තියක් තරණය කරමින් සිටියදී කදු පන්තියේ වූ ගැඹුරු පැල්මක් අතරට වැටී සිරවූ ඇරොන් රැල්ස්යොන්ගේ කතා පුවතට සමානය.

තමන් ගලවා ගැනීමට සහන සේවකයින් ඇමතීමට ඇරොන් අත දුරකථනයක් පවා නොතිබිණ.

අන්තිමේදී ඔහු සාක්කු පිහියකින් තම අතක් සිරුරින් වෙන් වෙන සේ කපා ගෙන නිදහස් වී පහළින් ගලා යන දිය දහරට ඇද වැටී දිවි ගලවා ගත්තේය.

ඔහු පැල්මේ සිරවී ගත කළ කාලය පැය 127 කට ආසන්නය.

මේ සිදුවීම චිත‍්‍රපටකටද නැගී තිබෙන අතර ‘‘127 අවර්ස්‘‘ (පැය 127 ක්)නම් වන එය ප‍්‍රකට සිනමා අධ්‍යක්ෂක ඬේවිඞ් ලින්ච්ගේ නිර්මාණයකි.

 

 

 

 

 



අදහස් (0)

පාදයක් කපා කඳු නගින්නා බේරා ගනී

නිරංජන Tuesday, 30 September 2014 10:46 AM

මොකටද ඉතින් ඔය කඳු වල නගින්නේ. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 593 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1092 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site