IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


පෘථවියේ වෙලාව වෙනස් වේවිද?

පෘථිවිය කැරැකෙන වේගය එසේත් නැතිනම් භ්‍රමණය වන වේගය වැඩි වී, පෘථිවියේ වේලාව තත්පරයකින් අඩුවනු ඇතැයි ඇමෙරිකන් විද්‍යාඥයෝ පවසති.

මෙය සිදුවනු ඇත්තේ, ගෝලීය උණුසුම ඉහළ යෑමේ අනිසි ප්‍රතිඵලයක් නිසා යැයි ද විද්‍යාඥයෝ පෙන්වා දෙති. ගෝලීය උණුසුම දිනෙන් දින ඉහළ යන්නේ මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙනි.

ගෝලීය උණුසුම ඉහළ යද්දී, ධ්‍රැවීය අයිස් තට්ටු දියවීම වේගවත් වෙයි. එය පෘථිවියේ හරයට බලපෑම් එල්ල කරයි. පෘථිවිය කැරැකෙන වේගය වැඩිවෙයි. ඒ අනුව, අනාගතයේ දිනයක, හෝරා සටහන්කරුවන්ට පෘථිවියේ ඔරලෝසුවල වේලාව, එක තප්පරයක් අඩු කිරීමට සිදුවනු ඇත.

මෙය මීට පෙර ලෝක ඉතිහාසයේ සිදු නොවූ දෙයක් වීම විශේෂත්වයකි.

තත්පරයකින් කාලය වෙනස් වීම, සුළු දෙයක් යැයි සිතුණත්, අප ජීවත් වන්නේ පරිගණක සමඟ බැදුණු ඩිජිටල් යුගයක බැවින්, කාලය අඩු වීම පරිගණකවලටත්, ඒවා පරිහරණය කරන අපටත් බලපෑමක් එල්ල කරනු නොඅනුමානය.

මෙම කාල වෙනස සම්බන්ධයෙන් තොරතුරු ලොවට අනාවරණය කළේ ඇමෙරිකාවේ, සැන්ඩියේගෝ හි, කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ, භූ භෞතික විද්‍යාඥ ඩන්කන් ඇග්නිව්ය.

ඇග්නිව් සහ ඔහුගේ පර්යේෂණ කණ්ඩායම මේ සම්බන්ධයෙන් පැහැදිලි කරමින්, විද්‍යා සඟරා බොහොමයක ලිපි පළ කර තිබේ. මෙම තත්පරය අඩු වීම සිදුවනු ඇත්තේ අද හෙට නොවන බවත්, 2029 වසරේ සිට බවත් විද්‍යාඥ ඩන්කන් ඇග්නිව් වැඩි දුරටත් පැහැදිලි කර ඇත.

විද්‍යාඥයන්ට අනුව, දිනයකට තත්පර 86164.09 කි. කාලය මනින විද්‍යාඥයෝ මේ සම්බන්ධයෙන් නිරන්තරයෙන් අවධානයෙන් පසුවෙති. පසුගිය වසර කීපයේ, විටින් විට මෙම තත්පර තත්පර 86164.09 න්, මිලි තත්පර 0.05 ක වැනි සුළු අඩුවක් පෙන්නුම් කෙරුණි.

එසේ වන්නේ පෘථිවි භ්‍රමණ වේගය වැඩිවීම නිසා බව තහවුරු වූ අතර, ඩන්කන් ඇග්නිව් සහ ඔහුගේ පර්යේෂණ කණ්ඩායම ඒ සම්බන්ධයෙන් වැඩි දුර සොයා බලන්න පටන් ගත්තේය. 2029 වසර වෙද්දී එක තත්පරයකින් කාලය අඩු වෙන බව අනාවරණය කර ගැනීමට ඇග්නිව් සහ කණ්ඩායම සමත් වූයේ ඒ අනුවය.

(සී.එන්.එන්.)



අදහස් (0)

පෘථවියේ වෙලාව වෙනස් වේවිද?

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 237 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 73 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 772 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site