රුසියාවේ යවකර ලුණු (පොටෑෂ් )පතලක සිදුවූ ජලගැලීමකින් පසු යාබදව පතල්කරුවන් වාසය කරමින් සිටි ප්‍රදේශයක මහා ආවාටයක් ඇතිව තිබේ.
ලෝකයේ දෙවන විශාලම පොටෑෂ් නිෂ්පාදකයාට අයත් බව පැවසෙන මෙම පතලේ කටයුතු මේ වන විට සම්පූර්ණයෙන්ම අත්හිටුවා ඇත.
ආවාටයේ මුවවිටෙහි විශ්කම්භය අඩි 100 ත් 130 ත් අතර වේ.
පතලේ ජලගැලීමට හසුවී හෝ ආවාටයට වැටී හෝ කිසිදු ජීවිත හානියක් සිදුව නොමැත.
ආවාටය ඇතිවීමට නිශ්චිත හේතුවක් මේ දක්වාම සොයාගත නොහැකිව තිබෙන අතර භූවිද්‍යාඥයින් අනුමාන කරන්නේ ජලගැලීමත්, බොහෝ කාලයකට පෙර මෙම ස්ථානයේ සිදුවන්නට ඇති භූමිකම්පාවක් නිසා පොළව යට අස්ථාවරව තිබෙන්නට ඇති පස් ස්ථරයකුත් නිසා මෙසේ ආවාටය නිර්මානය වන්නට ඇති බවයි.
පසුගිය සමයේ රුසියාවේ ඉහළ සයිබීරියාවේ ඇතිවූ මහා ආවාටයන් හා මෙම ආවාටය හා සබදතාවක් නොමැති බව දැනට විශ්වාස කෙරේ.
2025 දෙසැම්බර් මස 18
600
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
294
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පතලට වතුර ගලයි
මහි Sunday, 23 November 2014 05:20 AM
රුසියාවේ සහ චීනයේ හැකියාව නිසා ලෝකයේ බොහෝ රටවල් කෙලින් සිටිනවා. රුසියාවට ජය. (ර)