IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


පණ මිනිසාට මළ මිනිසා සෙවන දෙයි

හිසට සෙවණක් නොමැති කමින් තම මළ මිතුරාගේ සොහොන් ගැබ අවුරුදු 13 ක් පුරාවට තම නිවහන කරගෙන සිටින පුද්ගලයෙකු ගැන බ්‍රසීලයේ සිටී.

ෆාබියෝ ඛෙරාල්ඩෝ රිගෝල් නම් වන මේ පුද්ගලයා මුලින් බ්‍රෝකර්වරයෙකු ලෙස සේවය කර තිඛෙන අතර මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම නිසා රැකියාව අහිමි කර ගෙන ඇත.

ඔහුගේ ක්‍රියාකලාපය නිසාවෙන් පවුලේ සාමාජිකයින්ද ඔහු  පිටුදැක ඇති අතර කිසිවෙක් නොමැතිව අසරණ වූ තමා හට අවසානයේ පිහිටට පැමිණියේ තම මළ මිතුරා බව ෆාබියෝ කියයි.

සොහොන් ගැබේ මළ මිතුරාගේ ඇට සැකිල්ල පවා ඇති බවත් නමුත් එය තමන්ට බිය ගෙන දෙන කරුණක් නොවන බවත් ඔහු පවසයි.

ෆාබියෝ දවසේ වැඩි කාලයක් ගත කරන්නේ සොහොන් ගැබේ හෝ සොහොන ගැබ පිහිටන සුසාන භූමියේය.ඔහු සුසාන භූමියෙන් පිටතට පැමිණෙන්නේ කුසට අහරක් සොයාගැනීමට අවශ්‍ය වුවහොත් පමණි.

ජීවත්වන්නවුන්ට වඩා මළවුන්ට තමන් ආදරය කරන බව කියන ෆාබියෝ තම දුක්ගැනවිල්ල නිහඩව අසා සිටීමට හැකියාව ඇති එකම පිරිස ඔවුන් පමණක් යැයි කියයි.

වැඩි කාලයක් මෙතැන ජීවත් වීමට අදහසක් තමන්ගේ නොමැති බවත් ජීවිතය ජය ගැනීමට තවත් අවස්ථාවක් ලැබේ යැයි තමන්ට දැඩි විශ්වාසයක් ඇති බවත් ඔහු පවසයි.

 



අදහස් (0)

පණ මිනිසාට මළ මිනිසා සෙවන දෙයි

නලීන් Tuesday, 05 November 2013 06:20 PM

අපේ පැතිවලත් ඔය වගේ මත්ද්‍රව්‍යය ගන්න මිනිස්සු වෑඩිපුරම කාලය ගතකරන්නෙ ඔය වගේ සොහොන් පිටිවල තමා.විශේෂයක් නැහැ.සිහිය අඩුකම තමා... (නි)

:       0       0

ලක්සිත ෆ්‍රංසය Wednesday, 06 November 2013 02:18 AM

මෙහෙමත් මිනිස්සු! (නි)

:       0       0

ඉන්දු මෙල්බර්න් Wednesday, 06 November 2013 04:49 AM

ඇට කටු වල පෙනුමේ හැටියට මට නම් හිතෙන්නේ මෙයාගේ මැරිච්ච මිත්‍රයා මොකෙක් හරි සතෙක් වගේ (පොඩි අශ්වයෙක් හරි බූරුවෙක් හරි වගේ) නිකම් අත පය බැඳගෙන නිදාගෙන ඉන්නේ නැතුව ඔය අගේට තියෙන අත පය හොලවල කීයක් හරි හොයා ගන්නවකො මනුස්සයෝ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 544 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 274 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1072 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site