කොරෝනා ආසාදිතයන්ට ඉක්මණින් සුවය ලැබෙනවා යැයි පවසමින්, දකුණු අප්‍රිකානුවන් භාවිතයට ගන්නා, ‘අයිවමැක්ටින්‘ නමැති පණු බෙහෙත, කොරෝනා මර්දනය කරන ඔසුවක් නොවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
ලෝක සෞඛ්‍ය සංවිධානය මෙසේ පැවැසුවේ, ‘අයිවමැක්ටින්‘ සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරමින්ය.
‘අයිවමැක්ටින්‘ පණු බෙහෙත් පෙත්තට, කොරෝනා වයිරසය අඩපණ කළ හැකි බවත්, ආසාදිතයන් බොහෝ දෙනකු මෙම පණු බෙහෙත ලබා ගැනීමෙන් ඉක්මණින් සුවය ලබා ඇති බවත් දකුණු අප්‍රිකා මාධ්‍ය වාර්තා කළේ පසුගිය සති අන්තයේය.
‘අයිවමැක්ටින්‘ පණු බෙහෙත කොරෝනා වයිරසයට එරෙහිව ක්‍රියා කරනවාදැයි මෙතෙක් කිසිදු සායනික පර්යේෂණයකින් හෙළි වී නොමැති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පැහැදිලි කර තිබේ.
‘කොවිඩ් 19‘ හෙවත් නව කොරෝනා වයිරසය සුව කරනවා යැයි විශ්වාසයෙන් ‘අයිවමැක්ටින්‘ ලබා ගැනීමෙන් වළකින ලෙසත් ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ නිවේදනයේ පැහැදිලිව සඳහන් වෙයි.
ජිනීවාහිදීය (රොයිටර්)
2025 නොවැම්බර් මස 04
706
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2374
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1739
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පණු බෙහෙත් පෙත්තට කොරෝනා අඩපණ කරන්න බෑ