රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් විදෙස් සංචාරයකට සූදානම් බව එරට ජාතික රූපවාහිනය නිවේදනය කර තිබේ. රුසියන් ජනාධිපතිවරයා සංචාරය කරනු ඇත්තේ රුසියාවට හිතවත් මධ්‍යම ආසියානු රාජ්‍යයන් වන ටජිකිස්තානයේ සහ ටර්ක්මෙනිස්තානයේය. මෙම රටවල් දෙක අතීතයේ සෝවියට් සමූහාණ්ඩුවට අයත් රටවල් විය.
පසුගිය පෙබරවාරි 24 වැනිදා රුසියාව, යුක්රේනයට එරෙහිව හමුදාමය ක්‍රියා මාර්ගයක් ආරම්භ කිරීමෙන් පසු, රුසියන් ජනාධිපති පුටින් විදේශ සංචාරයක නියැළෙන පළමු අවස්ථාව මෙය වනු ඇත.
යුක්රේනයට එරෙහිව පුටින් ගත් හමුදා ක්‍රියා මාර්ගය හේතුවෙන් ඊට විරෝධය පළ කරමින්, ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් රුසියාවට සම්බාධක රැසක් පනවා ඇත. ඒ, රුසියාව අඩපණ කිරීමේ අරමුණින්ය.
එම සම්බාධක හේතුවෙන්, රුසියාව ඉන්දියාව, චීනය, ඉරානය ආදී ඔවුන්ට හිතවත් රාජ්‍යයන් සමඟ ශක්තිමත් වෙළෙඳ ගනුදෙනු ආරම්භ කර තිබේ.
ඉන්දුනීසියානු ජනාධිපති යෝකෝ විඩෝඩෝ තව නොබෝ දිනකින් රුසියාවේ මොස්කව් අගනුවරට පැමිණීමට ද නියමිතය. ඒ, රුසියාව සමඟ ශක්තිමත් වෙළෙඳ ගනුදෙනු ඇති කර ගැනීමේ අරමුණින්ය.
රුසියන් ජනාධිපතිවරයා ටජිකිස්තානයේත්, ටර්ක්මෙනිස්තානයේත් සංචාරය කරන්නේ එම රටවල් සමඟ පවතින සබඳතා ශක්තිමත් කර ගැනීමේ අරමුණින්ය.
ටජිකිස්තානයේ ඩුෂන්බේ නුවරදී, පුටින් ටජිකිස්තාන ජනාධිපති ඉමෝමායිල් රක්මොන් හමුවී සාකච්ඡා පවත්වනු ඇතැයි පැවැසෙයි. ඉමෝමායිල් රක්මොන්, පුටින් හිතවාදියෙකි.
ඉන්පසු රුසියන් ජනාධිපතිවරයා අෂ්ගාබාත් නුවරදී කැස්පියන් රටවල රාජ්‍ය නායක සමුළුවට සහභාගී වීමට නියමිතය. ටර්ක්මෙනිස්තානය, කසක්ස්තානය, අසර්බයිජානය, ඉරානය යනු කැස්පියන් රටවල සමුළුවට සහභාගී වන සෙසු රටවල්ය.
රුසියන් ජනාධිපතිවරයා, යුක්රේනයට එරෙහිව හමුදා ක්‍රියාමාර්ගයක් ගැනීමට පෙර, පසුගිය පෙබරවාරි මාසය ආරම්භයේ, චීනයට ගොස් චීන ජනාධිපති ෂී ජින්පින් හමුවී සාකච්ඡා පැවැත්වීය.
එහිදී තමන් යුක්රේනය ආක්‍රමණය කිරීමට සූදානම් බව පුටින්, චීන ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කළේ යැයි ද පැවැසෙයි. රුසියන් යුක්රේන අර්බුදයේ දී චීනයේ සහාය රුසියාවට හිමිවෙයි. මේ වනවිට චීනයේ ප්‍රධානතම තෙල් සැපැයුම්කරු බවට පත් වී සිටින්නේ මැදපෙරදිග රටවල් නොව, රුසියාවය.
(රොයිටර්)
ග්‍රීසිය ප්‍රබල භූමි කම්පාවකින් කැලැඹිණි. භූමිකම්පාවේ ප්‍රබලත්වය සටහන් වූයේ රික්ටර් පරිමාණයේ ඒකක 6.1 ක් ලෙසය.
බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතරේ හමුවක් පැවැත්විණි. බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා, චීනයේ බෙයිජීං අගනුවරට පැමිණ සිටින අ
විරෝධතා හමුවේ, ධුරයෙන් ඉවත් වී, රටින් පලා ගිය බංග්ලාදේශ හිටපු අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනාගේ ‘අවාමි ලීගය’ දේශපාලන පක්ෂයට තහංචි පැනවීමට, බංග්ලාදේශ මැතිව
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කියෙර් ස්ටාර්මර්ගේ කෙන්ටිෂ් ටවුන් පළාතේ පිහිටි පවුලේ නිවස ගිනි ගැනීමකට ලක් වුණු බවත්, එම ගිනි ගැනීම සම්බන්ධයෙන් පවතින සැක ස
මැලේසියානු ගුවන් සේවයට අයත් ‘එච්.එම්. 17’ මගී ගුවන් යානය පහර දී බිම හෙළීම සම්බන්ධයෙන් රුසියාව වගකිව යුතු යැයි එක්සත් ජාතීන්ගේ ගුවන් සේවා ඒජන්සිය තීන්දු
සෞදි සංචාරය අවසන් කිරීමෙන් පසු, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කටාර් රාජ්‍යයේ සංචාරය කිරීමට නියමිතය. මෙම සංචාරයේ දී ඇමෙරිකන් ජනාධිපතිවරයාට කටාර්
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
පුටින් විදෙස් සංචාරයකට සූදානම්