IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


පුටින් යළි විවාහ වීම ප්‍රතික්ෂේප නොකරයි

රොයිටර් ඇසුරිනි (මොස්කව්)
ඉදිරියේදී තමන් විවාහ වනු ඇතැයි රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පැවැසීය. එහෙත් විවාහ වන්නේ කවුරුන් සමඟ යැයි ද ඔහු අනාවරණය නොකළේය. 

හැට හය වන වයසේ පසුවන රුසියානු ජනාධිපතිවරයා තම පෞද්ගලික ජීවිතය බෙහෙවින් ආරක්ෂා කරන්නකු ලෙස ප්‍රකටය.  

වාර්ෂික මාධ්‍ය හමුවේදී වාර්තාකරුවකු විමසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රුසියානු ජනාධිපතිවරයා මේ බව අනාවරණය කළේය.

වාර්ෂික මාධ්‍ය හමුවේදී ජාත්‍යන්තර සබඳතා සහ ආර්ථිකය සම්බන්ධයෙන් වැඩි වශයෙන් අවධානය යොමු විය. 
“ගෞරවාන්විත මිනිසකු ලෙස, කොයි යම් හෝ මොහොතක මට මෙය කරන්න වෙනවා” යැයි පුටින් සිනා සෙමින් පැවැසීය. 

රුසියානු ජනාධිපති පුටින් 1983 වසරේදී ලූද්මිලා පුටිනා හා විවාහ විය. වසර 2013 දී ඔවුහු දික්කසාද වන බව නිවේදනය කළහ. ඔවුන්ට කැත්රිනා සහ මරියා නමින් දියණියන් දෙදෙනකු සිටින අතර ඔවුන් මේ වනවිට තිස් වන විය ඉක්මවා ඇතැයි පැවසේ. දියණියන් හෝ පුටින්ගේ හිටපු බිරිඳ දේශපාලනයට සම්බන්ධ නැති අතර ඔවුහු අතිශය පෞද්ගලික ජීවිතයක් ගත කරන්නෝ වෙති.  

හිටපු බිරිඳ ලූද්මිලාගෙන් වෙන් වීමෙන් පසු ජනාධිපති පුටින්ගේ පෞද්ගලික ජීවිතය සම්බන්ධයෙන් විවිධ කටකතා පැතිරිණි. හිටපු ඔලිම්පික් ජිම්නාස්ටික රන් පදක්කම් ලාභිනියක වන ඇලීනා කබේවා සමඟ සබඳතාවක් පවත්වන බවට රුසියානු පුවත්පතක් වාර්තා කර තිබිණි. එහෙත් රුසියානු ජනාධිපති පුටින් එම වාර්තා ප්‍රතික්ෂෙප කරයි. 



- 055



අදහස් (1)

පුටින් යළි විවාහ වීම ප්‍රතික්ෂේප නොකරයි

Bamunuarachchi Sunday, 23 December 2018 06:58 AM

වැඩ කාරයෝ එහෙමයි. අපේ අය වගේ නොවෙයි.................

:       18       21

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 775 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2414 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1761 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site