
ඇමෙරිකන් ජනාධිපතිවරණයෙන් යළිත් වරක් ජයග්‍රහණය කළ ඩොනල්ඩ් ට්‍රම්ප්ට රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සුබ පතා ඇත. ‘ට්‍රම්ප් ධෛර්යවන්ත පුද්ගලයෙක්’ යැයි රුසියන් ජනාධිපතිවරයා පෙන්වා දී ඇත.
රුසියන් ජනාධිපතිවරයා ට්‍රම්ප් වර්ණනා කර ඇත්තේ රුසියාවේ සෝචි නුවර උත්සවයක් අතරතුරේය. ‘ට්‍රම්ප් ධවල මන්දිරයට ආ පළමු ධුර කාලයේදී හැමෝම ඔහුට වටකර ගනිමින් පහර දුන්නා. ඔහු සැලුණේ නැහැ. යළි ජනාධිපති වෙන්න ඔහු උත්සාහ ගනිද්දී ඔහුට කෙණෙහිලිකම් කළා ඒත් ඔහු සැලුණේ නැහැ. ඝාතනය කිරීමට උත්සහ ගත්තා. ඒත් ඔහු පරාජය බියට පත්වුණේ නැහැ’ යැයි පුටින් පවසා ඇත.
තමන් ජනාධිපති වුවහොත්, දිනක් ඇතුළත රුසියන් යුක්රේන යුද්ධයට පැහැදිලි විසඳුමක් ලබා දී, එය සමතයකට පත් කරන බවට ට්‍රම්ප් දිගින් දිගටම ප්‍රතිඥා දී ඇත. මේ ගැන අදහස් දක්වමින් පුටින් පවසා ඇත්තේ ට්‍රම්ප් යෝජනා කරන්නේ කුමක්දැයි අසා දැන ගැනීමට තමන් උනන්දුවෙන් පසුවන බවය.
(ඒ.එෆ්.පී.)
2025 නොවැම්බර් මස 04
49
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2005
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1559
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පුටින් - ට්‍රම්ප්ට සුබ පතයි: සාකච්ඡා කරන්නත් කැමතියි