IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


පුටින් ජනපති ධුරයේ දිවුරුම් දෙද්දී ක්‍රෙම්ලිනය ඉදිරිපිට විරෝධතා

රුසියා ජනාධිපතිවරණයෙන් විශිෂ්ට ජයක් හිමිකර ගත් අගමැති ව්ලැඩිමීර් පුටින් එරට නව ජනාධිපති ලෙස, ක්‍රෙම්ලීනයේ ශාන්ත ඇන්ඩෲස් ශාලාවේදී, පෙරේදා (7) දිවුරුම් දුන් අතර දහසකට වැඩි පිරිසක් ක්‍රෙම්ලීනය ඉදිරිපිට විරෝධතා රැලියක් පැවැත්වූහ. විරෝධතාකරුවන් මර්දනය කිරීමට පොලිසිය උත්සාහ ගත් අවස්ථාවේදී ඔවුහු පොලිසිය සමඟ ගැටුණාහ. පොලිසිය ප‍්‍රකාශ කරන්නේ 408 දෙනකු අත්අඩංගුවට ගත් බවයි. එම පිරිස් පුටින් දූෂිත නායකයකු යැයි බැණ වදිමින් විරෝධතා රැලියට එක්ව සිටියේ සුදු පටි අත්වල බැඳගෙනය. මේ අතර පුටින්ට සහාය පළ කරමින් ද දෙදහසකට වැඩි පිරිසක් ක්‍රෙම්ලීනයේ ශාන්ත ඇන්ඩෲස් ශාලාවේ පැවැති දිවුරුම් දීමේ උත්සවයට සහභාගී වී සිටියහ. පුටින්, තවත් වසර 6 ක කාලයක් සඳහා දිවුරුම් දුන් අවස්ථාවේදී එම පිරිස් පී‍්‍රති ඝෝෂා පවත්වන්න වූහ. රුසියා පාර්ලිමේන්තුව ඊයේ (8) රැස්වූ අතර එම අවස්ථාවේදී පුටින්ගේ හිතවතා මෙන්ම හිටපු රුසියා ජනපතිවරයා ද වන දිමිති‍්‍ර මෙඞ්වදේව් නව අගමැති ලෙස පත් කිරීමට නියමිතව තිබුණි. මීට පෙර අවස්ථා දෙකකදී රුසියාවේ ජනපති ධුරය හොබවා ඇති පුටින්, පසුගිය 2006 වසරේ පැවැති රුසියා ජනපතිවරණයේදී අගමැති ධුරයට පත්වූයේ ඔහුගේ හිතවාදියකු වන දිමිති‍්‍ර මෙඞ්වදේව් ජනපති ධුරයට පත්වීමට ඉඩ සලසමින්ය. රුසියාවේ ව්‍යවස්ථාවට අනුව එක් අයකුට ජනපති ධුරය හෙබවිය හැක්කේ පිටපිට අවස්ථා දෙකකදී පමණි. පුටින්ට එරෙහිව රුසියාවේ විරෝධතා රැල්ලක් ආරම්භ වූයේ පසුගිය දෙසැම්බර් 4 වැනිදා පැවැති රුසියා මහ මැතිවරණයෙන් පසුවය. එම මහ මැතිවරණයෙන් ජය ගත්තේද පුටින්ගේ එක්සත් රුසියා පක්ෂයයි. එම මැතිවරණය වංචා සහ දූෂණ පිරි එකක් යැයි විපක්ෂයේ දේශපාලන කණ්ඩායම්  චෝදනා කරන්න විය. යළිත් වරක් ජනපතිවරණයට තමන් ඉදිරිපත් වන බව පුටින් නිවේදනය කළ අවස්ථාවේදී විපක්ෂ දේශපාලන කණ්ඩායම්වල උසි ගැන්වීමෙන් පුටින් විරෝධී විරෝධතා රැල්ලක් රට පුරා ආරම්භ විය.



අදහස් (0)

පුටින් ජනපති ධුරයේ දිවුරුම් දෙද්දී ක්‍රෙම්ලිනය ඉදිරිපිට විරෝධතා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 95 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 34 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 738 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site