රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් උතුරු කොරියාව බලා පැමිණියේය. ඒ, උතුරු කොරියා නායක කිම් ජොන් උන්ගේ විශේෂ ආරාධනයක් පිළිගනිමිනි.
යොංග්යැංග් අගනුවරට ආ පුටින්ට උතුරු කොරියා නායක කිම් ජොන් උන් ප්‍රමුඛ රජයෙන් ලැබුණේ උණුසුම් පිළිගැනීමකි.
උතුරු කොරියාවත් රුසියාවත් එක ළඟ පිහිටි රටවල්ය. ඊට අමතරව, උතුරු කොරියාව සහ රුසියාව ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල උදහසට ලක් වී සිටී.
රුසියාව, බටහිර රටවල උදහසට ලක් වී සිටින්නේ යුක්රේනයට එරෙහිව ගත් හමුදා ක්‍රියාමාර්ගය නිසාය. උතුරු කොරියාව උදහසට ලක් වී සිටින්නේ ඔවුන්ගේ හිතුවක්කාරී න්‍යෂ්ටික වැඩසටහන නිසාය.
මීට පෙර පසුගිය වසරේ සැප්තැම්බරයේ උතුරු කොරියානු නායකයා ඔහුගේ විශේෂ දුම්රියෙන් දේශසීමා හරහා රුසියාවට පැමිණියේය. ඒ ද්වීපාර්ශ්වික සාකච්ඡා සඳහාය.
රුසියන් ජනාධිපති ලෙස පුටින් උතුරු කොරියාව බලා පැමිණියේ වසර 24 කට පසුව වීම විශේෂත්වයකි.
උතුරු කොරියාව සමඟ පවතින ඇයිහොඳයිකම් තවත් ශක්තිමත් කර ගැනීම මෙම සංචාරයේ අරමුණ යැයි ක්‍රෙම්ලීනය පවසා ඇත.
(ඒ.එෆ්.පී.)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
පුටින් උතුරු කොරියාවේ