යුක්රේනයට අයත්, යුක්රේන පාලනය ප්‍රතික්ෂේප කරන ඩොනෙස්ක් සහ ලුහාන්ස් පළාත් සඳහා සම්බාධක පැනැවීමට ඇමෙරිකාව පියවර ගෙන තිබේ.
ඒ, රුසියන් හිතවාදීන්ගෙන් සමන්විත මෙම පළාත් ස්වාධීන රාජ්‍ය ලෙස පිළිගැනීමට රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පියවර ගැනීමත් සමඟය.
ඇමෙරිකන් ජනාධිපති බයිඩන් ඩොනෙස්ක් සහ ලුහාන්ස් පළාත් සඳහා සම්බාධක පැනැවීම සිදු කළේ විධායක නියෝගයක් නිකුත් කරමින් යැයි ධවල මන්දිර මාධ්‍ය ලේකම්වරිය ජෙන් සාකී මාධ්‍යවේදීන් හමුවේ පැවැසුවාය.
රුසියාව යුක්රේනයට පහර දීමක් කළහොත් ඩොනෙස්ක් සහ ලුහන්ස්ක් පළාත් සඳහා තව තවත් ආර්ථික, වෙළෙඳ සම්බාධක පැනැවීම සිදු කරන බවට ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් අනතුරු අගවීම් කර ඇතැයි ද ධවල මන්දිර මාධ්‍ය ලේකම්වරිය වැඩි දුරටත් කියා සිටියාය.
මේ අතර ඩොනෙස්ක් සහ ලුහාන්ස් පළාත් ස්වාධීන රාජ්‍යයන් ලෙස පිළිගැනීමට රුසියන් ජනාධිපති පුටින් ගත් තීරණය සම්බන්ධයෙන් තමන් කනස්සල්ල පළ කරන බව එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස් පවසා ඇත.
පුටින් ගත් තීරණය යුක්රේනයේ ස්වෛරීත්වයට තර්ජනයක් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් පැහැදිලි කර තිබේ. ජර්මනිය පවසා ඇත්තේ, රුසියන් ජනාධිපතිවරයා ගත් තීරණය කිසිසේත් අනුමත කළ නොහැකි බවය.
යුක්රේන රුසියානු අර්බුදය සාමකාමීව විසඳා ගැනීම සම්බන්ධයෙන් මැදහත් වී සිටින්නේ ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන්ය. ප්‍රංශ ජනාධිපති මැක්රෙන් මැදිහත් වී, පුටින් සහ බයිඩන් මුණ ගැස්වීමට ද කටයුතු කර ඇත.
රුසියන් ජනාධිපතිවරයා ඩොනෙස්ක් සහ ලුහාන්ස් පළාත් ස්වාධීන රාජ්‍යයන් ලෙස පිළිගන්නා බව ප්‍රකාශ කළේ එවිටය. ඒ අනුව, රුසියාවට දැඩි සම්බාධක පැනැවීමක් කළ යුතු යැයි කෝපයට පත් වුණු ප්‍රංශ ජනාධිපති මැක්රොන් පවසා ඇත.
(රොයිටර්)
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
පුටින්ගේ තීරණය ඇමෙරිකාවේ විරෝධයට