
රුසියානු ජනපති ව්ලැදිමීර් පුටින් සහ ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු අතර දුරකතන කතාබහක් සිදුවිය. ඒ, ඊශ්‍රායලයත් ගාසා තීරයේ හමාස් සංවිධානයත් අතරේ, සටන් විරාමය සම්බන්ධයෙන් අවසන් තීරණයකට එලැඹීමට සාකච්ඡා පැවැත්වෙද්දීය.
කරුණු 20 කින් සමන්විත එම සටන් විරාම යෝජනාව, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැදිහත් වීමෙන් සකස් කර ඇත. එහි ඇති කරුණු 20 න් එකක් වන්නේ, හමාස් සංවිධානය නිරායුධ කිරීමය.
සටන් විරාමයට ඊශ්‍රායලයේ කැමැත්ත හිමි වී ඇති අතර, හමාස් සංවිධානය සටන් විරාම කොන්දේසි බොහොමයකට කැමැත්ත පළ කර ඇත. නිරායුධ වීමේ කොන්දේසියට ඔවුන් එකඟ වී නැත.
සෙසු කොන්දේසි වන්නේ හමාස් ග්‍රහණයේ සිටින ඊශ්‍රායල ප්‍රාණඇපකරුවන් සියලු දෙනා එකවර නිදහස් කිරීම, ඊශ්‍රායල හමුදා ගාසා තීරයෙන් ඉවත් වීමදෙය සෙසු කොන්දේසි අ.තර වෙයි.
රුසියන් ජනාධිපති ව්ලැදිමීර්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සමඟ සාකච්ඡා කළේ ගාසා අර්බුදය සහ සෙසු මැදපෙරදිග අර්බුද සම්බන්ධයෙනි. මේ බව රුසියන් විදේශ කටයුතු අමත්‍යාංශය ද තහවුරු කර ඇත.
ඉරාන න්‍යෂ්ටික වැඩසටහන සහ සිරියාවේ තත්වය පිළිබඳ විසඳුම් ද මෙහිදී සාකච්ඡා වූ බව ඊශ්‍රායල විදේශ කටයුතු අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සදහන් වෙයි.
2025 නොවැම්බර් මස 04
790
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2445
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1766
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පුටින්ගෙන් නෙදන්යාහුට ඇමතුමක්