IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


පැංචා පාප් පුටුවේ වාඩි වෙන්න හදයි

වතිකානුවේ දහස් ගණනක් ජනයා පවුලේ දිනය සමරීමේ පූජාව සඳහා ශාන්ත පීටර් දේවස්ථාන චතුරස‍්‍රයට රැස්ව සිටියි. රැස්ව සිටි පිරිසට දේශනය පැවැත්වීමට පැමිණි ෆ‍්‍රැන්සිස් පාප්තුමා සමග කුඩා දරුවෙක්ද  වේදිකාවට නැන්ගේය.

සහයකවරු පැමිණ ඔහු ඉවත් කිරීමට කටයුතු කරත් පැමිණ සිටි පිරිස දැකීමෙන් පුදුමයට පත් වූ කුඩා දරුවා නැවත වේදිකාවෙන් බැසීම ප‍්‍රතික්ෂේප කළේය.

එසේ රැඳී සිටි දරුවා නිකම් සිටියේ නම් නැත. සතුටින් ඉපිළෙමින් සිටි දරුවා දේශනය පවත්වන පාප්තුමා ඉදිරියට පැමිණ පාප්තුමාගේ කකුල බදා ගනී. ඔහුගේ ඔළුව අතගා පාප්තුමා එයට ප‍්‍රතිචාර දක්වා ඇත. එතැනින් නොනැවතුණ ඔහු පාප්තුමාගේ පුටුවේ වාඩි වීමටද ගියේය. රැස්ව සිටි පිරිසෙන් ගැහැණු දරුවෙක් පැමිණ ඔහුට තෑග්ගක් දී නැවත ඔහු පිටතට ගෙන ගියේය.



අදහස් (0)

පැංචා පාප් පුටුවේ වාඩි වෙන්න හදයි

උපුල් Thursday, 31 October 2013 05:06 PM

ජේසුනි, ඔබට තුති වේවි (නි)

:       0       0

අමිල කටුනායක Friday, 01 November 2013 08:58 AM

බබෝ,ඔයත් කවදාහරි එතුමා වගේ අාදරණීය කෙනෙක් වෙන්න (නි)

:       0       0

නිමල් පෙරේරා Friday, 01 November 2013 09:17 AM

පාප් තුමාගේ ආදරය,කරුණාව සහ නිහතමානිකම ලොවටම පෙන්වපු හොඳ අවස්ථාවක් හැටියට මම දකින්නේ. (ස)

:       0       0

රේණුකා Friday, 01 November 2013 09:27 AM

නිමල්, ඔබ ගේ අදහසට මම එකඟ වෙමි. (ස)

:       0       0

සම්පත් Friday, 01 November 2013 09:47 AM

සුන්දර දසුනක්. (ස)

:       0       0

ඉන්දික ගම්පහ Friday, 01 November 2013 10:10 AM

වාසනාවන්ත පුතෙක් (නි)

:       0       0

දිනේෂ් Friday, 01 November 2013 10:23 AM

වාසනාවන්ත ළමයෙක්. (ස)

:       0       0

චමත් [ලංකාව] Saturday, 02 November 2013 04:46 AM

මා බුදුදහම අදහන කෙනෙක්මි.නමුත් මෙය කිව යුතුයි. මා දැකපු ඉතාම නිහතමානි,කරුණාවන්ත ,මිනිසුන්ට ඉතාම හිතවත් පාප් වහන්සේ මෙතුමායි. මෙතුමාට චිරාත් කාලයක් මිනිසුන් හට සේවය කිරීමට ලැබේවා! (නි)

:       0       0

පැංචි Thursday, 31 October 2013 07:35 PM

මල් වැනි පුංචි හදවත් (නි)

:       0       0

දුම්මලසූරිය Thursday, 31 October 2013 08:46 PM

පාප්තුමා සියලු කතෝලික ජනතාවගේ අධ්‍යාත්මික පියතුමාය.අපි හැමදෙනාගේම ආදරය...... එතුමාණෝ සතුටු සිතින් ඉවසන බව අපි සැමදෙනාම දනිමු.ඒ පුංචි දරුවාට පෙන්නුවේ එතුමා අප සැමට ඇති ආදරයයි. (නි)

:       0       0

ලක්මාල් Thursday, 31 October 2013 10:55 PM

මේ ළමය හරියටම ඔබාමා වගේ. (නදී)

:       0       0

බිනර Thursday, 31 October 2013 11:20 PM

පුංචි එකාටත් පුංචි ආසාවක් හිතෙන්න ඇති (නි)

:       0       0

එරික් සිල්වා Thursday, 31 October 2013 11:48 PM

පාප් තුමාගේ ප්‍රතිචාරය අගේ කරමු. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 5 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1995 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1552 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site