IMG-LOGO

පකිස්ථානයේ හිටපු ජනාධිපති අත්අඩංගුවට

පකිස්ථානයේ හිටපු ජනාධිපති අසීෆ් අලි සර්දාරි මහතා ව්‍යාජ ගිණුම් වල මුදල් තැන්පත් කිරීමේ සිද්ධියක් මත අත්අඩංගුවට ගෙන ඇත.

2008 වර්ෂයේ සිට 2013 වර්ෂය දක්වා ජනාධිපතිවරයා ලෙස සේවය කළ සර්දාරි  මීට පෙරදීද  අල්ලස් චෝදනා මත සිරගතව සිටි පුද්ගලයෙකි.

අසීෆ් අලි පකිස්ථානයේ හිටපු අගමැති බෙනාසීර් භූතෝගේ ස්වාමිපුරුෂයා වන අතර බෙනාසීර් ඝාතනය වීමෙන් පසු ජනාධිපතිවරයා ලෙස තේරී පත්විය.

ව්‍යාජ බැංකු ගිණුම් සම්බන්ධව පවත්වන ලද පරීක්ෂණවලින් පෙනීගොස් ඇත්තේ එම ගිණුම් වලට රුපියල් මිලියන ගණනින් පොම්ප කර ඇති බවයි.

මේ සම්බන්ධව 2015 වර්ෂයේ සිට පරීක්ෂණ සිදුකරන බව බලධාරීහු පවසති.

(බීබීසී ඇසුරිණි - 085)

 



අදහස් (1)

පකිස්ථානයේ හිටපු ජනාධිපති අත්අඩංගුවට

chandima Monday, 10 June 2019 05:26 PM

ඔය බුද්ධි අංශ නිලධාරීන් හෙළිකරලා බුද්ධි අංශ දියාරු කරන්න කලින් ඉක්මන් කලොත් අපේ රටේත් මහබැංකු සල්ලි දාපු ගිණුම් සොයාගන්න බැරිවෙන එකක් නැහැ.

:       63       28

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1402 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 518 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 598 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site