IMG-LOGO

2025 නොවැම්බර් මස 16 වන ඉරිදා


පාකිස්ථානයේ දුම්රිය මාර්ගයක බෝම්බයක් පිපිරීමෙන් 4ක් මරුට

පාකිස්ථානයේ දුම්රිය මාර්ගයක බෝම්බයක් පිපිරීමෙන් 4 දෙනෙක් මිය ගොස් 10 දෙනෙක් තුවාල ලබා ඇත.‍
 
සම්පත් අතින් පොහොසත් බලුකිස්තාන ප්‍රදේශයේ දී මෙම පිපිරීම සිදු වී ඇති අතර වසර ගණනාවක් තිස්සේ බෙදුම්වාදී කැරලිකරුවන් විසින් මෙවැනි සිදුවීම් සිදුකර ඇත.
 
 මෙම පිපිරීමෙන් වයඹදිග නගරයක් වන පාකිස්ථානයේ පෙෂවර් නගරයේ  සිට බලුකිස්තානයේ ක්වෙටා නුවර දක්වා ගමන් ගත් දුම්රියක මැදිරි 6ක් පීලිපැන ඇත.  
 මිය ගිය සිව් දෙනා අතර තරුණියක්, ඇගේ මව සහ තවත් දෙදෙනෙක් සිටීන බව පොලිස් ප්‍රධානියෙක් රොයිටර් පුවත් සේවයට පැවසුවේය.
 
 මෙතෙක් ප්‍රහාරයේ වගකිම කිසිවෙක් බාරගෙන නොමැත. සති දෙකක දී සිදුවූ දෙවන සිදුවීම  මෙය වන අතර මීට පෙර සිදුවූ පිපිරීමෙන් කිසිදු හානියක් සිදුවී නොමැත.
 

 බලුකිස්තාන ප්‍රදේශය ප්‍රවාහන සහ බලශක්ති ව්‍යාපෘති සම්බන්ධයෙන් ඉතා  වැදගත් ප්‍රදේශයක්වේ.
 
63226 
රොයිටර් ඇසුරෙනි



අදහස් (0)

පාකිස්ථානයේ දුම්රිය මාර්ගයක බෝම්බයක් පිපිරීමෙන් 4ක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 789 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2441 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1766 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site