පකිස්ථානයේ පන්ජාබ් ප්‍රදේශයේ හා කාෂ්මීර පාලන ප්‍රදේශයේ ඇති වූ ගංවතුරින් 110ක් මියගොස් 150 ට වැඩි ප්‍රමාණයක් තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. නිවාස 650ට වැඩි ප්‍රමාණයක් විනාශ වී ඇත.
මෝසම් වැසි හේතුවෙන් මේ ගං වතුර ඇති වී තිබේ. පන්ජාබය පකිස්ථානයේ ජනගහණය වැඩිම පළාතයි. මෙහි ලාහෝර් හා රාවල්පිණ්ඩි නගරවල දැඩි ගංවතුර තත්ත්වයක් පවතින බව සහන සේවකයෝ කියති. රටේ නැගෙනහිර ප්‍රදේශවලට සිකුරාදා මිලි මීටර 313 ක වර්ෂාවක් ලැබී ඇත. සහන කණ්ඩායම් පවසන්නේ මරණ වැඩි ප්‍රමාණයක් සිදුව ඇත්තේ නිවාස හා විදුලි රැහැන් කඩා වැටීමෙන් බවයි. කාෂ්මීරයේ ඉන්දියාව පාලනය යටතේ ඇති ප්‍රදේශවලට ද ගං වතුරින් දැඩි හානි සිදුව ඇත. මනාල යුවලක් ඇතුළු 50 දෙනකු සමග බස් රථයක් ගංවතුරට හසුව ගසාගෙන ගියේ පසුගිය බ්‍රහස්පතින්දාය.
2025 දෙසැම්බර් මස 18
587
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
291
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1090
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පකිස්ථානයේ ගංවතුරින් 110ක් මියයති
අරුෂියා Monday, 08 September 2014 05:33 AM
කටාර් ලංකාවේ තමන්ගේ දරුවන් දුෂණය කරන අයට කොහොම වෙයි ද දන්නේ නැහැ නේද (නදී)
නිසංසලා Saturday, 06 September 2014 07:46 PM
ස්වභාවික විපත් හැමෝටම පොදුයි. ලංකාවෙත් මෙහෙම වෙනවා. (නි)
ආබ්දීන් Sunday, 07 September 2014 05:32 AM
දෙවියනි, ඔබ කොහිද? (නි)
තිලාන් Tuesday, 07 October 2014 07:59 AM
පන්ජාබයේ කාශ්මීරයේ ඉන්නෙම මහ ජාතියෙන් ඉන්න පණ්ඩිතයෝ. මෙහෙම උනාමත් පාඩම් ඉගෙනගනියිනේ (නදී)
කටාර් Saturday, 06 September 2014 12:25 PM
සතුන් මරණ විදිහට පව් පටිසන් දෙනවා (නදී)