IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


පකිස්තාන විදේශ ඇමැති ඉරානයේ - සෞදියේ සංචාරයක

මැදපෙරදිග කලාපයේ ඇති වී තිබෙන නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීම සඳහා පාකිස්තාන විදේශ අමාත්‍ය ෂාහ් මෙහ්මූද් කුරේෂි ඉරානයේ සහ සෞදි අරාබියේ සංචාරය කිරීමට නියමිතය. 


ඇමෙරිකානු හමුදා ඩ්‍රෝන යානා යොදා ගනිමින් එල්ල කරන ලද මිසයිල ප්‍රහාරයකින් ඉරානයේ ජෙනරාල් කසීම් සුලෙයිමානී ඝාතනයට ලක්වීමත් සමඟ මැදපෙරදිග කලාපයේ අවිනිශ්චිත තත්ත්වයක් ඇති වූ අතර ඇමෙරිකාව සහ ඉරානය අතර යුද්ධයක් ඇති වීමේ අවදානමක් ද ඇතිවිය.

  
පාකිස්තානය සෞදි අරාබිය සමඟ ශක්තිමත් සබඳතා පවත්වන අතර ඉරානය සමඟ ද සමීප සබඳතා පවත්වයි. පාකිස්තානය දශක ගණනාවක් තිස්සේ ඉරානය සහ සෞදි අරාබිය අතර තිබෙන අර්බුදකාරී තත්ත්වය උග්‍ර අතට හැරීම වැළැක්වීමට උත්සාහ දරයි.

 
ඉරානය සහ පාකිස්තානය අතර කිලෝමීටර 1,000ක දේශසීමාවක් ද තිබේ. 


ඉරාකයේදී ඉරාන ජෙනරාල් කසීම් සුලෙයිමානී ඝාතනය වීමත් ඉරානය අත්වැරැදීමකින් එල්ල කළ මිසයිල ප්‍රහාරයකින් ගුවන් යානයක් වැටීමත් යන සිදුවීම් නිසා මැදපෙරදිග අර්බුදය උග්‍ර අතට හැරී තිබේ.

 

මිසයිල ප්‍රහාරයෙන් කඩා වැටුණේ යුක්රේනයට අයත් යානයක් වන අතර එම අනතුරින් යානයේ සිටි 176 දෙනාම ජීවිතක්ෂයට පත්වූහ.

 
“පසුගිය දින කිහිපයේ සිදුවීම් නිසා මැදපෙරදිග කලාපයේ සාමයට සහ ආරක්ෂාවට තර්ජනයක් එල්ල වී තිබෙනවා. කොහොමටත් නොසන්සුන් සහ අවිනිශ්චිත මේ කලාපයේ තත්ත්වය ඉක්මනින් සහ සාමකාමී අයුරින් විසඳා ගත යුතු” යැයි පාකිස්තාන විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

 
“දේශපාලනික සහ රාජ්‍ය තාන්ත්‍රික අයුරින් ඇති වී තිබෙන අර්බුද සහ ප්‍රශ්න විසඳා ගැනීමට සහාය දීමට පාකිස්තානය සූදානම් බව අමාත්‍යවරයා මෙම සංචාරයේදී ඉරානයට දැනුම් දෙනවා” යැයි ද එම නිවේදනයේ දැක්විණි. 


ඉරිදා, එනම් අද (12) ඉරානයේ සංචාරය කිරීමෙන් අනතුරුව පාකිස්තාන විදේශ අමාත්‍ය ෂාහ් මෙහ්මූද් කුරේෂී හෙට (13) සෞදි අරාබියේ සංචාරය කිරීමට නියමිතය. 


මෙම සංචාරවලදී පාකිස්තාන විදේශ අමාත්‍යවරයා ඉරාන විදේශ අමාත්‍ය මොහොමඞ් ජවාද් සරීෆ් සහ සෞදි විදේශ අමාත්‍ය ෆයිසල් බින් ෆර්හාන් සමඟ සාකච්ඡා පවත්වනු ඇත. 


ඉරාන සහ සෞදි අරාබියේ සංචාරය කිරීමෙන් අනතුරුව ෂාහ් මෙහ්මූද් කුරේෂී ඇමෙරිකා එක්සත් ජනපදයේ ද සංචාරය කිරීමට නියමිත බව පාකිස්තාන විදේශ කටයුතු අමාත්‍යාංශයේ ආරංචි මාර්ගයකින් කියැවිණි. 


ප්‍රතිවාදීන් වන ඉරානය සහ සෞදි අරාබිය අතර පවතින අර්බුදයකට සමථයකට පත් කිරීමේ අරමුණින් පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් පසුගිය වසරේ එම රටවල් දෙකේ සංචාරයක නිරත විය. 


පාකිස්තානය සෞදි අරාබිය සමඟ ඉතා හොඳ සබඳතා පවත්වයි. පාකිස්තාන ජාතිකයන් මිලියන 2.5ක් සෞදි අරාබියේ ජීවත් වන අතර විශාල පිරිසක් රැකියාවලද නිරත වෙති. පාකිස්තානය ඉරානය සමඟ ද සමීප සබඳතා පවත්වන අතර ඉරානය වෙනුවෙන් ඇමෙරිකාව තුළ කොන්සියුලර් සේවා පවත්වාගෙන යන්නේ ද පාකිස්තානයයි. 

 

ඒ.එෆ්.පී. 

 

055



අදහස් (0)

පකිස්තාන විදේශ ඇමැති ඉරානයේ - සෞදියේ සංචාරයක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 760 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2405 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1760 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site