IMG-LOGO

පාකිස්තාන මහමැතිවරණ තරගයට හිටපු ජනපති මුෂාරෆ්ට අනුමැතිය

ලබන මැයි මස 11 වැනිදා පැවැත්වීමට නියමිත පාකිස්තාන මහමැතිවරණයට තරග කිරීමට එරට හිටපු ජනපති පර්වේස් මුෂාරෆ්ට මැතිවරණ බලධාරීන් අනුමැතිය ලබාදී ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි.
දීර්ඝ කාලයක් තිස්සේ රටින් බැහැරව සිටි පාකිස්තාන හිටපු ජනපතිවරයකු මෙන්ම හමුදාපතිවරයකු ද වන පර්වේස් මුෂාරෆ් ඉකුත් මාර්තු 24 වැනිදා පාකිස්තානයට පැමිණියේ එළැඹෙන මහමැතිවරණය තරග කිරීමේ අරමුණ ඇතිවය.
පාකිස්තාන හිටපු අගමැතිනී බෙනාසීර් භූතෝ ඝාතනය ඇතුළු සිදුවීම් ගණනාවක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින එරට හිටපු ජනපති පර්වේස් මුෂාරෆ් අධිකරණය විසින් වරදකරුවකු කර නොමැති නිසා ඔහුගේ අපේක්ෂකත්වය අහෝසි කළ නොහැකි බව මැතිවරණ බලධාරිහු පවසති. 
හිටපු ජනපති මුෂාරෆ්ට මහමැතිවරණයට ඉදිරිපත්වීමට අනුමැති ලබාදීමට විරුද්ධත්වය පළ කළ විරුද්ධ පක්ෂ කි‍්‍රයාකාරිකයන් සඳහන් කළේ එම තීරණයට විරුද්ධව මැතිවරණ කාර්යාලයට ඇපෑලක් ඉදිරිපත් කරන බවයි.
මුෂාරෆ් පාකිස්තානයට පැමිණි විගස ඔහු අත්අඩංගුවට ගැනීමට නියමිතව තිබිණි. ඒ, ඔහුට එරෙහි චෝදනා රැසක් එල්ල වී තිබීම නිසාය. මුෂාරෆ් පාකිස්තානයේ සිටින ඔහුගේ නීතීඥවරුන්ගේ මාර්ගයෙන් අධිකරණයෙන් ඇප ලබා ගැනීමට කටයුතු කළේය. ඒ අනුව පාකිස්තානයට පැමිණෙද්දී ඔහු අත්අඩංගුවට ගැනීම වැළැකිණි.
මීට පස් වසරකට පෙර ජනපති ධුරයෙන් සමුගත් මුෂාරෆ් පාකිස්තානයෙන් පිටුවහල් වී, බි‍්‍රතාන්‍යයේ ලන්ඩන් නුවර සහ ඩුබායිහි ජීවත් වුණේය. අවස්ථා කිහිපයකදී යළි සියරට පැමිණීමට උත්සහ කළ ද පාකිස්තාන රජය ඔහු අත්අඩංගුවට ගැනීමට උත්සාහ කළ නිසා එම අවස්ථා මඟ හැරුණි.
1999 වසරේදී හමුදා කුමන්ත‍්‍රණයකින් බලයට පත් ජනරාල් මුෂාරෆ් වසර 9ක් එරට ජනාධිපතිවරයා ලෙස කටයුතු කළේය. පාකිස්තාන ජනපති ධූරය හෙබවූ සමයේදී ත‍්‍රස්තවාදයට එරෙහිව සටන් කළ මුෂාරෆ් ඇමෙරිකාවේ හිතවතකු ලෙස කටයුතු කළේය. මුෂාරෆ් ඝාතනය කිරීමට අල් කයිඩා සංවිධානය ගත් උත්සාහයන් අවස්ථා තුනකදී ව්‍යර්ථ විය.



අදහස් (0)

පාකිස්තාන මහමැතිවරණ තරගයට හිටපු ජනපති මුෂාරෆ්ට අනුමැතිය

උපරතන හිමි. Monday, 08 April 2013 06:32 PM

යලිත් ඔහුට ජනපති පදවිය හිමිවේවා!(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 281 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 452 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 184 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site