IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


පාකිස්තාන මැතිසබේ/ උසාවියේ ලයිට් කපයි

විදුලි ගාස්තු නොගෙවීම නිසා පාර්ලිමෙන්තුව,ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණය,පොලිස් රථ වාහන මූලස්ථානය ඇතුළු තවත් රාජ්‍ය ආයතන 18 කට විදුලි බලය සැපයීම අත්හිටුවීමට පකිස්තාන රජය තීරණය කර ඇත.

එරට ජල හා විදුලි බල අමාත්‍ය අබිඩ් ෂර් අලි මහතා මාධ්‍ය හමුවකදී පවසා සිටියේ මෙම ආයතනයන් නියමිත පරදි විදුලි ගාස්තු ගෙවීම පැහැර හැර තිබීම නිසා මෙසේ ඒවාට විදුලිය සැපයීම අත්හිටුවීමට තීරණය කළ බවයි.

පකිස්තානයේ මේ දිනවල පවතින උෂ්ණාධික කාලගුණය නිසා බොහෝ දෙනා වායුසමිීකරණ යන්ත්‍ර භාවිතා කරන බවත් මෙය ජාතික විදුලි බල පද්දතියට දැරිය නොහැකි තරමේ බරක් වන බවත් සදහන්ය.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ නියමිත පරිදි ගාස්තු නොගෙවීම් හා විශාල ප්‍රමාණයෙන් සිදුවන විදුලිය අයථා ලෙස ලබාගැනීම් නිසා විදුලි බලය සැපයීම අපහසුවී ඇති බවයි.

පාර්ලිමෙන්තුවට ඩොලර් ලක්ෂ 12 ක (රුපියල් ලක්ෂ 1584) විදුලි ගාස්තුවක්ද, ඉස්ලාමාබාද්හි පිහිටි නගර ශාලාවට ඩොලර් ලක්ෂ 36 ක (රුපියල් ලක්ෂ 4752) විදුලි ගාස්තුවක්ද ගෙවීමට  ඇතැයි ඉදිරිපත්කෙරුණු වාර්තාවක දැක්වින.

සියලූ හිග ගාස්තු එකතු කළ විට පකිස්තානයේ විදුලි සමාගම් වලට ඒවායේ පාරිභොගිකයින්ගෙන් ඩොලර් කෝටි 50 කට ආසන්න මුදලක් අයවිය යුතුව තිඛෙන්නේයැයි සදහන් වේ.

පසුගිය වසර කිහිපයේදී පකිස්තානයේ විදුලි ඉල්ලූම සීඝ්‍ර ලෙස ඉහළ ගොස් තිඛෙන අතර ඊට ගැලපෙන ලෙස රටේ විදුලි බල පද්දතිය වැඩිදියුණු කිරීමට බළධාරීන් තවමත් පියවර ගෙන නොමැත.



අදහස් (0)

පාකිස්තාන මැතිසබේ/ උසාවියේ ලයිට් කපයි

ජගත් සෞදි Thursday, 01 May 2014 08:50 PM

ඕවා මොනවද, මෙහේ සමහර ඇමතියන්ගේ බිල දැක්කහම? (නි)

:       0       0

සරත් බණ්ඩාර Friday, 02 May 2014 03:12 PM

පාකිස්තානේ එහෙම වුණට ලංකාවේ එහෙම වෙන්නේ නෑ නේ (අ)

:       0       0

රණතුංග Thursday, 01 May 2014 02:45 PM

අපෙත් සංස්ථා,දෙපාර්තමේන්තු, මණ්ඩල වැනි රජයේ ආයතන වලත් විදුලිය කැපුවොත් කුමක් වෙයිද ? (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 570 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 283 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1084 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site