IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


පාකිස්තාන නව අගමැති අෂ්රාෆ් වැඩ බාරගනී

අගමැති ධුරය සඳහා පාකිස්තාන ජනතා පක්ෂය  නම් කළ රාජා පර්වේස් අෂ්රාෆ් පෙරේදා (23) සිය රාජකාරි ආරම්භ කළේය. අගමැති ධුරය භාර ගැනීමට පෙර අෂ්රාෆ් තොරතුරු තාක්ෂණ ඇමැතිවරයා ලෙස කටයුතු කළේය. අෂ්රාෆ් අගමැති ධුරයට පත් කෙරුණේ යූසොෆ් රාසා ගිලානී අගමැති ධුරයෙන් ඉවත් වීමත් සමඟය. ගිලානිට අගමැති ධුරය අහිමි වූයේ ඔහු එම ධුරයට නුදුසුදු යැයි එරට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කිරීම නිසාය. ඊට හේතු වූයේ පාකිස්තාන ජනපති අසීෆ් අලී සර්දාරිට එරෙහිව ඇති දුෂණ නඩු විභාග යළි ආරම්භ කරන ලෙස ස්විට්සර්ලන්ත රජයට දැනුම් දෙන්නැයි පාකිස්තාන ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නියෝගය පැහැර හැරීමෙන් ගිලානි අධිකරණයට අපහාස කළැයි යන චෝදනාවට වරදකරු වීමය. නව අගමැති ලෙස  අෂ්රාෆ් පෙරේදා හමුදා උත්තමාචාර මැද ඉස්ලාමාබාද් නුවර අගමැති නිල නිවසට පැමිණියේය. අගමැති ධුරයේ වැඩ බාර ගත් අෂ්රාෆ්ගේ ප‍්‍රමුඛ කාර්යය විය යුත්තේ ජනපති සර්දාරිට එරෙහිව නඩු විභාග ආරම්භ කරන ලෙස ස්විට්සර්ලන්ත රජයට දැනුම් දීමය. එසේ නොකළහොත් ඔහුට එරෙහිව ද නීති මගින් කටයුතු කෙරෙනු ඇතැයි දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති. අෂ්රාෆ් ඉස්ලාමාබාද් නුවර අගමැති නිල නිවසට පැමිණි අවස්ථාව



අදහස් (0)

පාකිස්තාන නව අගමැති අෂ්රාෆ් වැඩ බාරගනී

නිහාල් Monday, 25 June 2012 03:45 PM

පකිස්ථානයට හොද කාලයක් උදා වේද

:       0       0

කිරිමාටින් Monday, 25 June 2012 04:14 PM

මෙයාලටත් ස්විස්ටර්ලන්තයෙන්ම කන්න ඕනද?

:       0       0

සුදුමාටින් Monday, 25 June 2012 04:15 PM

ලංකාවේ ඉන්න පකිස්තාන් කට්ටියක් යැව්වනම් හරි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 76 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 28 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 737 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site