IMG-LOGO

2025 මැයි මස 13 වන අඟහරුවාදා


පාකිස්තාන දැරිය මලාලාට රැජින හමුවෙන්න ඇරැයුමක්

ලන්ඩන් නුවර බකිංහැම් මාලිගයට පැමිණ, තමන් හමුවන ලෙසටත් පොදු රාජ්‍ය මණ්ඩලීය අධ්‍යාපන සමුළුවට සහභාගී වන ලෙසටත්

දෙවැනි එලිසබත් මහ රැජින, පාකිස්තාන දැරිය මලාලා යූසොෆ්සායිට ඇරැයුම් කර ඇත.

බාලිකා අධ්‍යාපනය වෙනුවෙන් හඬ නැගීමේ වරදට තලේබාන් වෙඩි ප‍්‍රහාරයකට ලක් වී දිවි ගලවා ගත් මලාලා දැරිය, දෙවැනි එලිසබත් මහ රැුජින පමණක් නොව, ඇගේ සැමියා පිලිප් කුමරු ද හමුවීමට නියමිතය.

16 හැවිරිදි ඇය, ඉන්පසු රැජින සමඟ පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල්වල අධ්‍යාපනය තේමා කොටගෙන පැවැත්වෙන විශේෂ සමුළුවකටද සහභාගී වීමට නියමිතය. ලබන 18 වැනිදා පැවැත්වෙන එම සමුළුවට ලොව කීර්තිමත් විද්වතුන් රැසක් මෙන්ම රාජ්‍ය නියෝජිතයෝ ද සහභාගී වෙති.

බාලිකා අධ්‍යාපනය වෙනුවෙන් සමාජ මෙහෙවරක නියැළීම ඇගයීමට ලක් කරමින් පසුගිය සති අන්තයේ මලාලාට, රුසියානු මාධ්‍යවේදිනී ඇනා පොලිට්කොව්ස්කායා ගෞරව සම්මානය ද හිමිවිය. ඇනා පොලිට්කොව්ස්කායා යනු සමාජ මෙහෙවරක නියැලී ඒ වෙනුවෙන් දිවි පිදු මාධ්‍යවේදිනියකි.

මේ වසර සඳහා නොබෙල් ත්‍යාග පිරිනැමෙන්නේ කාටදැයි යන්න ලබන 11 වැනිදා ප‍්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇති අතර, නොබෙල් සාම ත්‍යාගය වෙනුවෙන් මලාලාගේ නම ද යෝජනා වී ඇත.

නොබෙල් සාම ත්‍යාගය මෙවර ඇයට හිමිවුවහොත්, ලාබාලම නොබෙල් සාම ත්‍යාගලාභියා මලාලා වනු ඇත.

මලාලා ජීවත් වූයේ පාකිස්තානයේ ස්වාත් මිටියාවතේ ය. බාලිකා අධ්‍යාපනය වෙනුවෙන් අන්තර් ජාලය ඔස්සේ හඬ නැගීමේ වරදට ඇය තලේබාන් සටන්කාමියකුගේ වෙඩි ප‍්‍රහාරයකට ලක් වූයේ ඉකුත් වසරේ ඔක්තෝබර් මාසයේදීය.

හිසට වෙඩි වැදී තුවාල ලැබූ මලාලා බි‍්‍රතාන්‍ය රජයේ අනුග‍්‍රහයෙන් බි‍්‍රතාන්‍යයට ගෙනෙනු ලැබුණි. ඇයට වැඩි දුර ප‍්‍රතිකාර ලැබුණේ බි‍්‍රතාන්‍යයේදීය.

දැන් ඇයත් ඇගේ පවුලේ අයත් ජීවත් වන්නේ ද බි‍්‍රතාන්‍යයේය. ඒ බි‍්‍රතාන්‍ය රජයේ ආරක්ෂාව මැදය. ඇය යළි පාකිස්තානයට පැමිණියහොත් මරා දමන බවට තලේබාන් සංවිධානය අනතුරු අඟවා ඇත.

මේ වනවිට එක්සත් ජාතීන්ගේ සංවිධානය, සෑම ජූලි 12 වැනිදාම මලාලා දිනය ලෙස ද නම් කර ඇත. මලාලාගේ උපන්දිනය යෙදෙන්නේ එදිනටය.

ඉකුත් ජූලි 12 වැනිදා, ඇගේ 16 වැනි උපන් දිනය දා, මලාලා එක්සත් ජාතීන්ගේ සංවිධානයට පැමිණි අතර ලෝකයේ රටවල් රැසකින් එහි රැස්ව සිටි යොවුන් නායකයන් 500 දෙනකු අමතා විශේෂ දේශනයක් ද පැවැත්වූවාය. ලෝකයේ බාලිකා අධ්‍යාපනය වෙනුවෙන් වැඩි අවධානයක් යොමු කළ යුතු යැයි මලාලා එම අවස්ථාවේදී ඉල්ලීමක් ද කළාය.

 

 



අදහස් (0)

පාකිස්තාන දැරිය මලාලාට රැජින හමුවෙන්න ඇරැයුමක්

කුමාරිහාමි Tuesday, 08 October 2013 04:26 PM

නිමල් ළමයෝ, සාම නොබෙල් තෑග්ග ලබපු හැමෝම සාමයටම වැඩ කරපු අය නොවෙයි. ඉතිහාසය බලන්න. වෙනත් සමාජ සේවා හා සමාජ මෙහෙවර කල අයටත් දෙන්නේ සාම තෑග්ග තමා. (ස)

:       0       0

නිමල් Tuesday, 08 October 2013 10:57 AM

නොබෙල් සාම තෑග්ග හම්බවෙන්නේ කොහොමද මෙයට? මෙයා සාමය වෙනුවෙන් මුකුත් කරලා නැහැ නේද (අ)

:       0       0

කුමාර් Tuesday, 08 October 2013 08:38 PM

මලාලට කරන සැලකිලි, ඉස්ලාම්ම් අන්තවාදී තල්යිබාන් අයට හොඳ කම්මුල් පාරක්. (අ)

:       0       0

ධම්ම Tuesday, 08 October 2013 11:07 AM

ගරිල්ලා මාකටින්? නෑ.. ගරිල්ලා එරෙහි මාකටින්. (නදී)

:       0       0

චන්ද්‍රසිරි Tuesday, 08 October 2013 11:16 AM

ඒ වුනාට අපේ නයි නලගන තරම් ජනප්‍රිය නැහැ.(නදී)

:       0       0

පුෂ්පා Wednesday, 09 October 2013 10:04 AM

මෙම දැරියට නොබෙල් සාම ත්‍යාගය හිමිවෙනවා නිසැකයි. ඇත්තටම මෙම දැරිය එම ත්‍යාගයට අන් සෑම අයෙකුටම වඩා සුදුසු බව මගේ හැඟීමයි (නි)

:       0       0

සෑම් Tuesday, 08 October 2013 09:33 PM

ඇය ලබා ඇති සාර්ථකත්වයක තරම! (නි)

:       0       0

මජිඩ් Tuesday, 08 October 2013 11:36 AM

දැන් ඉතින් මොනවාහරි ලියමු අපි (නි)

:       0       0

රනිල් Tuesday, 08 October 2013 05:03 PM

මානව පිල්ලි වලින් හිටපු එල්.ටී.ටී ලොක්කාවත් යෝජනා කරයිද (නදී)

:       0       0

සදු Tuesday, 08 October 2013 05:10 PM

චන්ද්‍රසිරි, නයි නළඟන තරම් ලස්සනත් නැහැ නේද? (නි)

:       0       0

මන්සිල් නෙදර්ලන්තය Tuesday, 08 October 2013 05:16 PM

සාම ත්‍යාගය ගන්නට සාමයක් කිරීමටම අවශ්‍ය නැත. මෙය ස්වීඩන් රටෙන් ලබා දෙන එකක්. (නි)

:       0       0

මොහමඩ් ෆාරුක් Tuesday, 08 October 2013 01:21 PM

අපේ ලංකාවෙනුත් දැම්මම ඉල්ලුම් කරන්න කවුරු හෝ සුදුසුකම් ලබා තිබේ නම් (නි)

:       0       0

සමන් Tuesday, 08 October 2013 01:36 PM

මුස්ලිම් අන්තවාදය නැති දිනක සියලු මානව හිමිකම් සුරක්ෂිත වනු ඇත. (ස)

:       0       0

ලුම්බිණි Tuesday, 08 October 2013 02:23 PM

මලාලට අපේ සුභ පැතුම්! (ස)

:       0       0

දිනේෂ් Tuesday, 08 October 2013 02:54 PM

සමන්ගෙ කතාව හරි. (ස)

:       0       0

දම් Tuesday, 08 October 2013 03:15 PM

රනිල් තුමා මෙයට හොඳම සුදුස්සා. පක්ෂයේ මිනිස්සු වෙඩි කෑවත්, උද්ගෝෂණය කරත්, වස බීල මැරුණත් නොසැලෙන ගුණයෙන් සහ දැඩි අධිෂ්ඨානයෙන්, මේ සැරේ පැරදුනත් ඊලග සැරේ දෙන්නම් බැටේ සිතමින් අවුල් වූ සිරිකොතම සිය කරපිට දරා ගෙන යන ගමනට..... (ස)

:       0       0

දර්ශන් Tuesday, 08 October 2013 03:30 PM

අපිත් පරිසර සංරක්ෂණය, අලුත් විද්‍යා සොයා ගැනීම්, ජාතීන් අතර සාම ඇති කරන වැඩ පිළිවෙලක්, සාහිත්‍යට, පුරාවිද්‍යාවට සේවයක් මේ වාගේ දෙයකින් හරි සම්මානයක් ලබා ගමු. (ස)

:       0       0

රුවන් Tuesday, 08 October 2013 03:40 PM

අනේ කවුරු හරි බුද්ධිමතෙක් කියලා දෙනවද ඕක දෙන්නේ නෝර්වේ රටද ? අපේ හිටපු ප්‍රබාට දෙන්නේ බැරිද ඕක.... (ස)

:       0       0

ටිරෝන් සෙනෙවිරත්න Tuesday, 08 October 2013 10:21 AM

දැන් මෙයාවත් බටහිරයන් වෙළඳ භාණ්ඩයක් කරගෙන වගේ. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

සයුරෙන් එතෙර

ට්‍රම්ප් මැදපෙරදිග සංචාරය අරඹයි
2025 මැයි මස 13 58 0

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැදපෙරදිග රටවල සංචාරයක් ආරම්භ කළේය. එම සංචාරයේ දී ඔහු පළමුවෙන් සෞදි අරාබියට යෑමට කියමිතය.


ඇමෙරිකාවේ ඖෂධ මිල අඩු කෙරේ
2025 මැයි මස 13 59 0

ඇමෙරිකාවේ ඖෂධ මිල සියයට 90 ක් දක්වා අඩු කිරීමේ විධායක නියෝගයකට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තැබීය.


ලිබියාවේ ට්‍රිපොලි අගනුවර නොසන්සුන්
2025 මැයි මස 13 61 0

ලිබියාවේ සන්නද්ධ කණ්ඩායම් දෙකක් අතරේ දරුණු අවි ගැටුම් ඇවිලෙයි. ඒ, එක් සන්නද්ධ කණ්ඩායමකට නායකත්වය දුන් අබ්දෙල් ඝානී අල් කික්ලී ඝාතනය වීමත් සමඟය.


ත්‍රස්තවාදයට සමාව නෑ - මෝදි
2025 මැයි මස 13 42 0

ත්‍රස්තවාදයට කිසිදු සමාවක් ලබා නොදෙන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසයි. ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙසේ කියා සිටියේ බිහාර් ප්‍රාන්තයේ පැවැත


ඇමෙරිකාව චීනය තීරුබදු අඩු කරන්න එකඟ වෙයි
2025 මැයි මස 12 1978 0

ඇමෙරිකාව මෙන්ම චීනය ද එකිනෙකාට පැනවූ තීරුබදු සියයට 115 කින් අඩු කිරීමට එකඟ වූ බව නිවේදනය කළේ ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට්ය.


ඇමෙරිකන් චීන සාකච්ඡා සාර්ථකයි
2025 මැයි මස 12 104 0

චීනයේ වෙළඳ නියෝජිත හී ලිෆෙන්ග් සහ ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් අතරේ හමුවක්, ස්විට්සර්ලන්තයේ දී පැවැත්වුණු අතර, එම සාකච්ඡා ඵලදායී වූ බව ඇමෙ


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1247 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1522 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 398 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site